2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ඇඟට හුරු කටට රස ප්‍රෙස් කරපු පෘෘට් ජූස්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

 

 

අපි හැමෝම කැමැතියි හොඳට සෞඛ්‍ය සම්පන්නව නීරෝගීව ඉන්න. එහෙමත් නැත්නම් නීරෝගී පෙනුමට ඉන්න. ඉතින් ඒ ගැන හිතන වදවෙන අයට යන්න තැනක් ගැන කියන්න කල්පනා කළා. ඒ තමයි Good Life Cafe. නම දැක්කම හිතෙන විදිහටම Good Life Cafe කියන්නෙ, සෞඛ්‍ය සම්පන්න ආහාරපාන තියෙන තැනක්. කොයතරම්ද කිව්වොත් ඔබ අවන්හල ඇතුළුවන විටම ඒ වෙනස දැනේවි. 

මේ අවන්හලෙන් පිළිගැන්වෙන ප්‍රධානම දේ තමයි ප්‍රෙස් කරපු පළතුරු යුෂ. හොඳ සීතලෙන් දෙන නිසාම මේවායේ රසය තවත් වැඩියි. මේ යුෂ වගේම ඒවා හදන මැෂින් පවා දැන් ඔවුන් අලෙවි කරනවා. ඔබට ප්‍රෙස් කරපු පළතුරු යුෂවලට ආසා හිතුණොත් මේ මැෂින් එකක් ගෙදර ගෙනිහින් හැමදාම ප්‍රෙස්කරපු පළතුරු යුෂ බොන්න එතකොට පුළුවන්. 

මගේ ප්‍රියතම යුෂ තේරීම වුණේ දොඩම් සහ විටමින් සී පානයයි. ඒ වගේම ඉඟූරුවලින් හදපු යුෂ බෝතලයකත් මම රස බැලුවා. එකෙ තිබුණු සියුම් සැරත් එක්ක හරියට අලුත් ශරීරයක් ලැබුණා වගේ හැඟීමක් තමයි දැනෙන්නෙ. 

මේවායේ මිල රුපියල් 300ත් 350 වගේ වෙනවා. සීනි පොඩ්ඩක්වත් අඩංගු නැති  නියම පළතුරැ අඩංගු මේ වගේ බීම එකකට ඒක බොහොම සාධාරණ ගාණක්. 

මේ පළතුරු යුෂවලට අමතරව Salads, Smoothies, Smoothie bowls, Protein shakes, organic tea, Energy bars, Power balls වගේ දේවලුත් තියෙනවා. 

ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
ඡායාරූප - You’re My Favorite

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00