2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ආයුර්වේද අත්බෙහෙත්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

• නාසයෙන් ලේ යනවාද?

දෙළුම් මල් කොටා මිරිකා පෙරා නාසයට උරන්න.

• පීනස් හිසරදයට

කලාඳුරු, කපුරු, ඉඟුරු, තිප්පිලි, පෙරුම්කායම්, ගම්මිරිස්, ඉඟුරු සම සමව ගන්න. හොඳින් අඹරා වැටි සාදාගන්න. එය තලතෙලින් තෙමා පත්තු කර ටික වේලාවකින් නිවන්න. ඉක්මනින් එම දුම නාඩියට උරන්න.

• මුඛයෙන් දුඟඳක් හමනවාද?

කරඳ පොතු කුඩුකර කපුරු ටිකක් සමඟ හොඳින් අඹරා ගන්න. එයින් දත් හොඳින් මදින්න. එයට හොඳින් නටන උණුවතුරට දමා ටික වේලාවකින් උගුර සේදීමද කළ හැක. දත් මුල් දියවීම, උගුරේ පැසවන සෙම් ගෙඩි නිසාත් මෙය කදිම අත් බෙහෙතකි.

• දියවැඩියාව‍

රුධිරයේ ඇති සීනි පාලනය කිරීම සඳහා තෙබු ඉතා ගුණදායක අත් බෙහෙතක් වේ. තෙබු කොළ මලවා ඔබේ ආහාර වේලට එක්කර ගන්න.

• අළුහම්වලට

ඔබේ ශරීරයේ පවතින අළුහම් සමේ රෝගයට ඇත්තෝර කොළ හොඳින් කොටා ඉස්ම සාදාගන්න. ඒවා අළුහම් මත ආලේප කර විනාඩි විස්සක් හෝ පැය භාගයක් වේලෙන්නට හරින්න. පසුව පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

• කුරුලෑවලට

ඔබේ කුරුලෑ සහිත මුහුණට ඉතා සාර්ථක අත්බෙහෙතකි. කෝමාරිකා මදය සූරා ගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි විස්සකට පසුව සෝදා හරින්න. කිසිවිටකත් කෝමාරිකාවල කොළපාට යුෂ කොටස මුහුණේ ආලේප කරන්න එපා. එමඟින් මුහුන කසන්නට ගනී.

 අන්තර්ජාලය ඇසුරෙනි