2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ගැජට් ඔක්කොම තිබෙන බජට් හෝටලයක් JUCE

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

අම්බලන්ගොඩ JUCE හෝටලයට මම ගමන් කළේ පාරේ දුවන සාමාන්‍ය බස් රථයකින් නියම Backpacker කෙනෙක් විදිහටයි. කාමර 21කින් යුතු මේ හෝටලය ඉදිවෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදීයි. 
මුහුදු වෙරළ මායිමේ, පිහිනුම් තටාකයක්, රූෆ් ටොප් බාර් එකක්, ඩීජේ, කාමරවල කේබල් ටීවී, සේප්පු, බ්ලූටූත් ස්පීකර්, පොඩ් චෙයාර්ස් ඇතුළු පහසුකම් රැසක් තිබුණත් මේ හෝටලය බජට් හෝටලයක් ලෙස සැලකිය හැකියි.
 

ඒ වගේම හෝටලයේ අභ්‍යන්තර අලංකරණයත් ගොඩක් සිත්ගන්නා සුලුයි. නූතනත්වයට බර විදිහට කරලා තියෙන සැරසිලි සියල්ලම කොළඹින් බැහැර සුවපහසු විවේදකයකට අවශ්‍ය පසුබිම හදලා දෙනවා.

BITE නම් මේ හෝටලයේ ප්‍රධාන අවන්හල විවිධ බටහිර ආහාරපාන පිළිගන්වනවා. විශේෂයෙන්ම සාමාන්‍ය අමෙරිකානු උදෑසන ආහාර වේලක් සාධාරණ මිලකට ලබාගන්න පුළුවන්.

මෙතැනදී ඔබට සර්ෆින්වලට වගේම මසුන් ඇල්ලීම වගේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් සර්ෆ් බෝඩ්ස් සහ බිලී පිති ආදියත් සැපයෙනවා.

මේ හෝටලයේ තියෙන තවත් හොඳ දෙයක් තමයි එහි නවාතැන් ගන්න එන අයට තමන්ගේ සුරතල් සතුන් වුණත් ගෙන එන්න ඉඩදීම. ඒක ඇත්තටම හොඳ වෙනසක්.

I ධනූ
ඡායාරෑප -You’re My Favorite

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00