
මිනිස් සිරුරේ ගොඩනැගෙන අපද්‍රව්‍ය ශරීරයෙන් පිටවනු ලබන්නේ බහිස්රාවීය පද්ධතිය ආශ්රයෙනි. මුත්‍රා පිටකිරීම මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව සිදුවේ. මුත්‍රා යනු ශරීරයෙන් පිටවිය යුතු අපද්‍රව්‍යයකි. නමුත් නිරෝගී පුද්ගලයකුගේ ශරීරයෙන් මුත්‍රා පිටවිය යුතු ප්‍රමාණයක්ද ඇත. මේ තත්ත්වය වැඩිවීමද සුදුසු නොවේ. එමෙන්ම අඩුවීමද සුදුසු නොවේ.
මුත්‍රා පිටකිරීම පාලනයක් ඇතිව කළහැකි ක්‍රියාවලියකි. නමුත් මුත්‍රා නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම සිදුවේ. මුත්‍රාශය මුත්‍රා එකතුවීම සිදුවූ විට එය ස්නායු මාර්ගය ඔස්සේ මොළයට දැනුම් දෙති. නමුත් ඇතැමුන්ට මුත්‍රා පිටවීම පාලනයකින් තොරව සිදුවෙයි.
මුත්‍රා පිටවීමේදී වැඩි ප්‍රමාණයක් පිටවීමද අඩු ප්‍රමාණයක් පිටවීමද රෝගී තත්ත්වයකි. පුද්ගලයකු විසින් ගන්නා ආහාර පාන අනුවද පිටවන මුත්‍රා ප්‍රමාණය වෙනස් වේ. අද ඇතැමුන්ට නොදැනුවත්වම මුත්‍රා පිටවීමේ තත්ත්වයක් පවතී. මෙයට හේතු කිහිපයක් බලපායි.
සීතල ප්‍රදේශයක වැඩිපුර ජීවත්වෙද්දී මුත්‍රා පිටවීමේ ප්‍රවණතාවය වැඩිය. එයට හේතුව වන්නේ සීතල කාලවලදී ඇඟෙන් දහඩිය පිටවීමේ ප්‍රවණතාවය අඩුවීමයි. මේ නිසා ශරීරයට උරාගන්නා ද්‍රව තත්ත්වය මුත්‍රා මගින් ශරීරයෙන් පිටවේ.
යම් කෙනකුට වමනය යාම, බඩ එළිය අධිකව යයි නම් එම පුද්ගලයාගෙන් මුත්‍රා පිටවීම අඩාල වේ. ශරීරයෙන් පිටවන ලවණ ද්‍රව වමනය මගින් පිටවීම හේතුවෙන් මුත්‍රා පිටවීම එසේ අඩාල වේ.
ඇතැම් පුද්ගලයින්ට තමන්ගේ අනුදැනුමකින් තොරව මුත්‍රා පිටවේ. විශේෂයෙන් මේ තත්ත්වය වැඩිපුර පවතින්නේ කුඩා දරුවන්ටය. බොහෝ විට එයට හේතුව වන්නේ ඔවුන්ගේ ශරීරයේ අවයවයන්වල ක්‍රියාකාරීත්වය පරිණත වී නොමැති වීමයි. මේ නිසා මේ තත්ත්වය පවතී.
මීට අමතරව ඇතැම් මහලු පුද්ගලයන්ටද නොදැනුවත්කමින් මුත්‍රා පිටවේ. එයට හේතුව වන්නේ ශරීරයේ පවතින ඉන්ද්‍රියන් දුර්වල වීමයි. ශරීරය පාලනය කරනු ලබන යාන්ත්‍රණ දුර්වලවීමත් අවයවවල, ඉන්ද්‍රියන්වල ශක්තිය හීනවීමක් හේතුවේ.
අද වෙද්දී කරනු ලබන ඇතැම් ශල්‍යකර්ම හේතුවෙන් ඉබේම මුත්‍රා පිටවීම සිදුවේ. විශේෂයෙන් මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව කරනු ලබන ශල්‍යකර්ම නිසා මේ තත්ත්වය ඇතිවිය හැකිය. කාන්තාවන් අතර නොදැනුවත්කමින් මුත්‍රා පිටවීමේ රෝගී තත්ත්වය බහුලව දැකිය හැක. කාන්තාවන්ගේ යෝනි මාර්ගය සම්බන්ධ යටිබඩ සම්බන්ධ මළ මාර්ගය සම්බන්ධව කරනු ලබන ඇතැම් ශල්‍යකර්ම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති විය හැක. ශල්‍යකර්ම නිසා පේශිවලට සිදුවෙන හානි නිසා මෙවැනි තත්ත්ව ඇතිවේ.
මෙම ඉන්ද්‍රියන් ආශ්‍රිතව සිදුවන තැලීම්, තෙරපුම් වැනි හේතු නිසාද මුත්‍රා පාලනය කරගැනීමට නොහැකි වී යා හැකිය. උදාහරණ ලෙසින් දරුවන් වැඩි ප්‍රමාණයක් බිහිකළ කාන්තාවක්ගේ ගර්භාෂය පහත්වීම නිසා මෙවැනි තත්ත්වයට මුහුණ දී සිටින කාන්තාවන්ද දැකිය හැක.
මේ හේතුන් නිසා මුත්‍රා පිටවීමේ ස්ථානය නිසි පරිදි වැහීමට නොහැකි තත්ත්වයක් ඇතිවී එමඟින් මුත්‍රා කාන්දුවීමක් සිදුවේ. අධික ලෙස බර ඉසිලීම. මළපහ පිටකරද්දී අධික ලෙස තැටවීම් කරන පුද්ගලයන්ටද මෙවැනි තත්ත්වයන් ඇතිවේ.
දීර්ඝකාලීනව පවතින කැස්ස හේතුවෙන් මෙවැනි තත්ත්වයට මුහුණදීමට සිදුවේ.
මළබද්ධය දීර්ඝකාලීනව පවතින පුද්ගලයින්ට නොදැනුවත්කමින් මුත්‍රා පිටවීමේ රෝග තත්ත්වයට මුහුණපෑමට පුළුවනි.
වෙනත් රෝගයක රෝග ලක්ෂණයන් ලෙසින්ද මෙය ඇතිවිය හැක.
මානසික ආතතියද හේතුවකි. ස්නායුවල ඇතිවන ක්‍රියාකාරීත්වය අඩාලවීමෙන්ම මෙය සිදුවේ. ඇතැම් පුද්ගලයින්ට අධික බියක් දැනුණු විට ක්ෂණිකව නොදැනුවත්ව මුත්‍රා පිටවේ. මානසික පීඩා පාලනය කර ගැනීමට නොහැකි කමින් ක්ෂණිකව මුත්‍රා පිටවේ.
මේ සඳහා ප්‍රතිකාර
පළමුව රෝගියාගේ මානසික ආතතිය දුරුකළ යුතුවේ. බොහෝ අය නින්දෙන් බියට පත්වෙති. එවිට ක්ෂණිකව නොදැනුවත්කමින් මුත්‍රා පිටවේ. මේ නිසා මනසට ඇතිවන පීඩනයෙන් රෝගියා මුදවා ගන්න.
රෝගියාගේ ශරීරයේ පවතින සුළු සුළු රෝග තත්ත්වයන් පිළිබඳව නොසලකා හරින්න එපා. දීර්ඝකාලීනව පවතින කැස්ස. මළබද්ධය වැනි රෝග සඳහා අවශය ප්‍රතිකාර ලබාගන්න.
දිනපතා අවශ්‍ය ප්‍රමාණයට අනුව ජලය පානය කරන්න.
පෝෂ්‍යදායී ආහාර ශරීරයට එක්කරගන්න. ආහාරපාන අනුව මුත්‍රා පිටවීමේ ප්‍රමාණයද වෙනස් වේ. මෙවැනි රෝගීන් සාරණ, ඉරමුසු වැනි ජලය වැඩිපුර ඇති ආහාර වැඩිපුර ගැනීමෙන් වළකින්න. එමඟින් මුත්‍රා පිටවීම වැඩිවේ.
ශල්‍යකර්ම හේතුවෙන් මෙවැනි රෝගයන් ඇතිවී ඇත්නම් වහාම අදාළ වෛද්‍යවරයා මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගන්න.
වෙනත් රෝගයක් සඳහා ගනු ලබන ඖෂධ හේතුවෙන්ද නොදැනුවත්ව මුත්‍රා පහවීම ඇතිවේ.
කෙසේ වෙතත් මෙවැනි රෝග තත්ත්වයක් මතුවූ විට ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනීම අවශ්‍යය.