2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

අත් බෙහෙත්

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

උදරය අඩුකර ගන්නට නම්,

ඔබේ උදරය අඩුකර නිරෝගිමත් සිරුරකට නිවසේදීම සාදාගත හැකි ඖෂධීය පානයකි මේ.

අවශ්‍ය දේවල්

 ඉඟුරු පෙත්තක්

 ජලය කෝප්ප හතරක්

 මී පැණි මේස හැන්දක්

 ලෙමන් ගෙඩියක්

සාදාගන්නා ආකාරය:

ඉඟුරු පෙත්ත ජලයට එක්කරගන්න. එය විනාඩි දහයක් පමණ හොඳින් නටවා ගන්න. එයට ලෙමන් ගෙඩියේ යුෂ එක්කරගන්න. එයට මී පැණි එක්කර හොඳින් දියකර, උදෑසන පානය කරන්න. උදරය අඩුකර ගැනීමට මෙය හොඳ ඔසුවකි.

දේශීය පළතුරක් වූ පැපොල්වලින් සිරුරට ලැබෙන ප්‍රතිලාභ

 ආහාර දිරවීමේ හැකියාව පැපොල් සතුවේ.

 ආතරයිටීස් රෝගයෙන් ආරක්ෂා වීම.

 ඇස්වල පෙනීම දියුණු කරලීමට.

 කොලොස්ටරෝල් අඩුකරලීමට.

 අධික තරබාරුවීම අඩුකර ගැනීමට.

 දියවැඩියාව පාලනය කිරීමට.

 කාන්තාවන්ගේ ඔසප් වේදනාව අඩුකරලීමට


I අන්තර්ජාලය ඇසුරෙනි