2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

නීරස රසය

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

තිබහකට බොන්න බැරි

කටේ ගාවන්න බැරි

බීවත් පවස නිවෙන්නැති

මුහුද ලුණු රහ ඇති…

 

මෙලෝ වැඩකට නැති

රට රටවල් මැදින් ඇති

බොන්න දිය පොදක් නැති

මුහුද ලුණු රහ ඇති…

 

සිය ගණන් පෙම්වතුන්

ගිලී මියැදෙන සතුන්

අවසර නැවට පමණකි

මුහුදෙ ලුණු රහ ඇති…

 

බොන්න බෑ තිබහට

රටම වට කර හිටියට

බණිමු අපි මුහුදට

නීරස ලුණු රහට…

 

පවසක් නොනිමුණත් මුහුදෙන්

නීරස රහ නිසාවෙන්

කොන් නොකර හිටපන්

බතට මාළුවට ලුණු එන්නෙ එතනින්…

 

- සුහාරා පෙරේරා

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00