නිදිබර ගතියෙන් මඟ හැරෙන්න ගම්මිරිස් කුඩු ස්වල්පයක් නහයට ඉරීමෙන්ද හැකියාව ලැබේ.
මුඛයේ ඇතිවන දුගඳ
මේ තත්ත්වය ඇතිවන්නේ සෙම්ගෙඩි උගුරේ පැසවීමෙන් හා දත්මුල් දියවීමෙන්. මේ සඳහා කරඳ පොතු කුඩුකර කපුරැ ටිකක් සමඟ අඹරා එයින් දත් මදින්න. සූදුරැ අසමෝද කබලේ බැද කුඩුකර බත් හැඳි දෙකක් කෝපි මෙන් තම්බා සව්ද ලුණු ද දමා බොන්න.
ධාරණ ශක්තිය වැඩිදියුණු කිරීමට
ලුණුවිල එළකිරෙන් තම්බා වේලා කුඩු කරන්න. එයට සීනි, මී පැණි, ගිතෙල් දමා ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද දමා උදේ හවස රත්කර එළකිරි ටිකක් සමඟ ටිකින් ටික බීමට ගන්න.
සෙම්ගෙඩිවලට
නික කොළ ඉස්ම වලින් හොඳින් නස්නය කරන්න.
පීනස හිසරදයට
සාදික්කා, මනෝසීල, ඉඟුරැ, ගම්මිරිස්, තිප්පිලි, කපුරැ, පෙරැම්කායම්, කලුදුරැ, වලඟසාල් සමව ගෙන අඹරා පොට්ටනියක් සාදා තල තෙලෙන් තෙමා පත්තු කර නිවා නහයට දුම් අල්ලන්න.
නාසයෙන් ලේ යනවාද?
දෙළුම් මල් කොටා මිරිකා නස්නයට උරන්න.
ආහාර දිරවීමට
සුදු ලූනු හා ගොරකා තම්බා ගත් වතුර අඬු කෝප්ප භාගයක් ආහාර ගැනීමෙන් පසු පානය කරන්න. ආහාර දිරවීම වර්ධනය වීම මෙන්ම ශරීරයේ බරද අඩු කෙරේ.
උගුරේ හඬ වෙනස් වීමට
ලුණුවිල මිටක් පමණ කොටා වණ්ඩුවෙන් තම්බා මිරිකා වදකහ ස්වල්පයක් ගලගා දියකර තිප්පිලි කුඩු, සීනි දමා උදේ සවස බොන්න.
අන්තර්ජාලය ඇසුරෙනි.