2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ITකාරයෙක්ගේ තනි වූ පෙම්වතියකගේ කඳුළු කතාව...

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

පුන්සඳ රෑට ඇවිදින් ඔපීසියේ කළුව බිඳ

පණ කෙඳි සේම ලැප්ටොප් එක උඹේ ඉඹිනවද

තනියම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ

රන් කඳ තාම ඔපීසියේ කෝඩින් කරනවද

 

ක්ලයන්ට් ලා රෑන කරදර කරන තුන් තිස් පැයම

රෑටත් කෝල් කර කර වද කරනවද

නෙස්කැෆේ එහෙම වැඩිපුර බොන්න එපා පණ...

වැඩ කෙරුවාට මාසේ පඩිය නැද්ද තව

 

පුන්සඳ රෑට....

 

මැරුණා වාගේ  බෝඩිම් ඇවිදින් නිදන විට

මදුරුවෝ රෑන කන ළඟ සින්දු කියනවද

ඇල්ටෝ එකවත් ළඟදි ගමු නේද පණ

සීපා ආවොත් කන්නට වෙන්නේ මගේ පඩි පතට

 

 නාඩියා

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00