
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව “හර්නියා” ලෙසින් හඳුන්වන රෝගයට ආයුර්වේදයේ හඳුන්වනු ලබන්නේ “අන්ත්‍ර වෘදධි” යනුවෙනි. මෙය පිරිමි, ගැහැනු දෙපාර්ශවයටම ඇතිවිය හැකි රෝග තත්ත්වයකි. අප ශරීරයේ අභ්‍යන්තරව ඇති ඉන්ද්‍රීයන් තුළ හෝ ඉන්ද්‍රියන් කොටස තුළ ඒ අදාළ සමහර කොටස් එම තැනින් පිටතට නෙරාඒමට හැක. එවැනි පිටතට නෙරීමක් හෝ පිටතට ඉලිප්පීමක් ඇතිවිට මෙය අන්ත්‍ර වෘද්ධි ලෙසින් හැඳින්විය හැක. බටහිර වෛද්‍ය ක්‍රමයට ප්‍රථමව ඈත අතීතයේදී ආයුර්වේදයේදී “අන්ත්‍ර වෘද්ධි” රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර හා සාර්ථක ශල්‍යක්‍රම පැවැති බව පුරාණ ආයුර්වේද පොත්පත්වල සඳහන් වේ.
ශරීරයේ අන්ත්‍ර වෘද්ධි හෙවත් හර්නියා අතිවිය හැකි තැන් කීපයකි. ශරීරය ඇතුළත ඇති යමක් පිටතට ඒමට උත්සාහ ගැනීම මඟින් මේ තත්ත්වය ඇතිවේ.
හර්නියා ඇති විය හැකි ස්ථාන
• නාභිය ආශ්‍රිතව මෙය ඇතිවිය හැක.
• ඉකිල ආශ්රිත ප්‍රදේශ.
• අණ්ඩ කෝෂය ආශ්‍රිතව.
• යටිබඩ ආශ්‍රිතව.
• කලව ආශ්‍රිතව ප්‍රදේශ.
• ශල්‍යකර්ම කළ තැන් ආශ්‍රිතව.
වැනි තැන්වල බහුල ලෙසින් හර්නියා රෝගය දැකිය හැක. උදරය තුළ තදබල පීඩනයක් ඇතිවූ විට එම පීඩනය දුර්වල වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැක.
හර්නියා හෙවත් අන්ත්‍ර වෘදධි ඇතිවීමට හේතුව
• මළබද්ධය - රෝගියා මළබද්ධයේ හේතුවෙන් වැසිකිළියේ දිගු වේලාවක් රැඳී සිටීමෙන්ද මෙම තත්ත්වය ඇතිවේ.
• දිගුකාලීනව පවතින කැස්ස.
• බර ඉසිලීම.
• වැරදි ව්‍යායාම්.
• මාංශ පේෂීන් දුර්වල වූ විට.
• දීර්ඝකාලීනව දියවැඩියාව පැවතීම.
• එමෙන්ම පුද්ගලයා දුර්වල වෙමින් පවතින රෝග ඇතිවූ විට.
මෙවැනි හේතූන් නිසා හර්නියා (අන්ත්‍ර වෘද්ධි) රෝගය ඇතිවීමට බොහෝ විට ඉඩ ඇත.
හර්නියා රෝගය පිරිමින්ට ඇතිවීමේදී අණ්ඩ කෝෂය ආශ්‍රිතව බහුලව දැකිය හැක. අභ්‍යන්තර ඇති අන්ද්‍ර කොටස් හිරවීම නිසා අණ්ඩ කෝෂය ඉදිමී රුධිරය සැපයීම අඩාලවීම නිසා බඩවැල්වල සමහර කොටස් නරක් වීමෙන් ජීවිත හැනියක් ද ඇතිවිය හැක. මේ නිසා රෝගය හඳුනාගැනීම ඉතා වැදගත් වේ.
රෝග ලක්ෂණ
• ශරීරයේ ඇති පෙර සඳහන් කළ ස්ථාන ආශ්‍රිතව මඳ වශයෙන් ඉලිප්පීමක්, ඉහළට එසවීමක් හෝ පිම්බීමක් දැකිය හැක. විශේෂයෙන් මේ පිටවීම ඇතැම් වෙලාවන්හි දැකිය නොහැකි තත්ත්වයක් ද පෙන්නුම් කෙරේ. දවසේ වැඩ කිරීමෙන් වෙහෙසවන කෙනකුගේ සවස් කාලයේදී මේ පිම්බීම දැකිය හැකි වුවද රාත්‍රි කාලයේදී නිදා සිට උදෑසන නැගිටිද්දී මෙය දැකිය නොහැක.
• අතින් මෙම ස්ථානය තද කරද්දී නැතිවී යන තත්ත්වයන් ද දැකිය හැක.
• කැස්ස එනවිට වරක් ඔසවද්දී මෙම ස්ථානය පිම්බීම වැඩිවේ.
• ඇතැම් තැන්වල අත තබා තද කරද්දී ඇතුළත හිස් බවක් අතට දැනේ. හිඩැස් බවක් දැනේ.
• තදබල වේදනාවක් දැනීම.
• වමනය යාම.
• ඉඳහිට ඇතිවන තදබල උණ.
මෙවැනි රෝග ලක්ෂණ ඇතිවූ විට වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබාගන්න. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙහි ප්‍රධානතම ප්‍රතිකාරය වන්නේ ශල්‍ය කර්මයක් කිරීමයි. නමුත් ශල්‍යකර්මයක් කර අවසානයේදීත් ඇතැම් විට හර්නියා රෝග තත්ත්වයක් ඇතිවිය හැක.
මේ නිසා ආයුර්වේදයේ දී මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ඇත. ඖෂධ මඟින් ද ඖෂධ විදීම මඟින් ද මේ සඳහා ප්‍රතිකාර කළ හැක. ශාඛාවලින් ඖෂධ සාදා එමඟින් ද ප්‍රතිකාර කළ හැක. ආයුර්වේදයේදී ඉතා සාර්ථක ශල්‍යකර්මයන් ඇත. ඒ සඳහා විශේෂිත උපකරණ ආයුර්වේදය සතුය. මේ නිසා හර්නියා හෙවත් අන්ත්‍ර වෘදධි රෝගය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ.