
අක්මාවේ තෙල් තැන්පත් වීම අද වෙද්දි සුලභ තත්ත්වයකි. නමුත් ඒ පිළිබඳව සමාජය දැනුවත් වීම සම්බන්ධව ඇත්තේ ගැටලුවකි. බොහෝ දෙනාට මේ සම්බන්ධව ඇත්තේ අඩු දැනුම්වත්කමකි. මෙවැනි රෝග තත්ත්වයක් බොහෝ විට හඳුනාගනු ලබන්නේ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට යාමේදීය. වෙනත් රෝගයක් සඳහා කරනු ලබන පරීක්ෂණ මගිනි. නමුත් මෙම රෝග තත්ත්වය නොසලකා හැරීමෙන් පසු කාලයක දී දරුණු තත්ත්වයකට පත් විය හැක. මෙම රෝගයේ දී අක්මාවේ තෙල් තැන්පත් වීම සිදු වේ. එය විවිධ මට්ටම්වල පවතින අතර ඒ අනුව රෝග ලක්ෂණ ද එයින් ඇතිවන බලපෑම් ද වෙනස් වේ.
ඇතිවීමට බලපානු ලබන හේතූන්
වෙනත් රෝගයක් සඳහා ගනු ලබන ඇතැම් ඖෂධ නියමිත මාත්‍රාවට නියමිත කාලසීමාවට අනුව නොගැනීමෙන් ද මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.
ආහාරයට ගන්නා විෂ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන්. වැරදි ආහාර පුරුදු හා ක්ෂණික ආහාර
මෙවැනි හේතූන් නිසා බොහෝවිට අක්මාවේ තෙල් තැන්පත් වීමේ රෝග තත්ත්වය ඇතිවිය හැක. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට බොහෝ රෝගීන්ට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම නිසා විවිධාකාර රෝග සඳහා ප්‍රතිකාර ලබාගනිති. නමුත් ඒ ප්‍රතිකාරවල සුවය ඇත්තේ කෙටි කාලයකි. නැවතත් රෝගය උත්සන්න වේ. මෙම රෝගය සඳහා ඇති රෝග ලක්ෂණ ද ඉතා අවමය. මේ නිසා දිගුකලක් රෝගය ශරීරයේ පැවතිය ද ඒ පිළිබඳව රෝගියාට අවබෝධයක් නැත.
රෝග ලක්ෂණ
මේ සඳහා ඇත්තේ ඉතා අවම රෝග ලක්ෂණයන්ය. සෑම රෝගියකුටම නොව, ඇතැම් රෝගීන්ට මේ සඳහා ඇතිවන රෝග ලක්ෂණ කිහිපයකි.
මෙවැනි රෝගීන් මෙම රෝගය පාලනය කර ගැනීමට වගබලාගත යුතු අතර එම රෝගය ඉතා ඉක්මනින් සුවකර ගැනීම ඉතා වැදගත් වේ. වෛද්‍යවරයා මෙම රෝගය හඳුනා ගන්නේ ඇතැම් විට මුල් අවස්ථාවේ වන්නට පුළුවනි. ඇතැම් විට රෝගය පැතිරී මැද අවස්ථාවේ වන්නට පුළුවනි. මේ නිසා කරනු ලබන ප්‍රතිකාර ක්‍රම ද එකිනෙකට වෙනස් වේ.
එවැනි රෝගයක් ඇති රෝගියකු ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. එමගින් එය පාලනය කර ගැනීමට හැකි අතර රෝගය උත්සන්න වීම වළක්වා ගත හැක.
කළ යුතු දේ
අධිස්ථුලතාවයෙන් පෙළෙන්නන් හැකි තරම් තම ශරීරය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
කෘත්‍රිම ආහාර සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න.
ව්‍යායාම අඩුකම මෙම රෝගය පමණක් නොව, වෙනත් රෝග සඳහා ද ප්‍රධාන හේතුවක් වේ. මේ නිසා ව්‍යායාම් පිළිබඳව සැලකිලිමත් වන්න. මේ සඳහා ජිම් එකකට යාමත් අවශ්‍ය වෙන්නේ නැත. එදිනෙදා ජීවිතේදීද ව්‍යායාම්වල නිරත විය හැක. වේගයෙන් ඇවිදීම, සාමාන්‍ය වේගයෙන් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම්වල නිරත විය හැක. ගෙදරදොර, වත්ත පිටියේ වැඩවලින් ද ශරීරයට ව්‍යායාමය ලැබේ.
ආයුර්වේදයේ දී මේ සඳහා විශේෂ ප්‍රතිකාර ඇත. ඒවා රෝගියාගේ රෝග තත්ත්වයන් අනුව වෙනස් වේ.
මිනිසාගේ විශේෂිතම ඉන්ද්‍රියයක් වන අක්මාව ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා විශේෂ ආයුර්වේද ඖෂධ ඇති අතර ඒ ක්රමානුකූල ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝග තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාව ඇත. විශේෂයෙන් මෙම රෝගය නැවත නැවත ඇති නොවීමට වගබලා ගැනීම රෝගියාගේ වගකීමකි.