කඳුවල මෙවැනි උල්පත් පැන නඟී. ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩු පාරවල් ඔස්සේ ගොස් උල්පත්වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇතිවූ පසු අර අඩි පාරවල් අමතක කරදමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවාගැනීම පිණිස මහ මඟින් ඉවත් වී අර උල්පත සොයා එති.
මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමා ද හිරු සහ අහස ද කඳුවැටි ද පෙනෙන්නා සේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයින්ට ද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කරදමයි.
එදිනෙදා ජීවිතයේදී මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතයයි”.
ගුරු ගීතය (පිටුව 102)
චිංගීස් අයිත්මාතව්
ලියා එවූයේ - නයන්ත ජගත් පුංචිහේවා (රන්න)