2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

කලාවත් එක්ක යන ස්කේට් බෝඩ් අලෙවි සල

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 230

ස්කේට් බෝඩ් කියන ක්‍රීඩාව එහෙමත් නැත්නම් කලාවත් එක්ක එකතුවෙලා ගමනක් යන තරුණයෙක් සහ තරුණියක් අපිට පසුගියදා මුණගැහුණා. උමංග සහ හෂ් කියන මේ දෙන්නාගේ පුංචි ව්‍යාපාරය තමයි Push කියන්නෙ. ඒක ස්කේට් පුවරු අලෙවි සලක්. හැබැයි සාමාන්‍ය ස්කේට් පුවරුවලට වඩා මෙතැන විශේෂත්වයක් තියෙනවා. 

විවිධ රූප රටා එක්ක හැඩ කෙරුණු ස්කේට් පුවරු මෙතැනදී දැකගන්න පුළුවන්. මෙතැන විශේෂත්වයක් තමයි ස්කේට් පාඩම් පවා ඔබට ලබාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියලු පහසුකම් මේ කුඩා සාප්පුවේ පවතිනවා. 

තවත් දෙයක් තමයි ස්කේටින් කියන්නේ වෙනම සංස්කෘතියක්. ඉතින් ස්කේටින් කරනවා නම් ඊට ගැලපෙන විදිහට අඳින්න පළඳින්නත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම දේ මෙතැන තියෙනවා. ඒවාට බොහොම හුරුපුරුදු දේශීය බවක් ලබාදීලා තිබීම තවත් කැපීපෙනෙන දෙයක්. අනිත් අතට ලංකාවේ ස්කේටින් දක්ෂයන්ට තමන්ගෙ දක්ෂතා ඉස්සරහට ගෙන එන්නත් මේ වාගේ දේවල් ගොඩක් උපකාරී වෙනවා. 

 ධනූ
ඡායාරූප | You’re My Favorite

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00