2022 ජුලි 17 වන ඉරිදා

පාර්ලිමේන්තු මන්ත්‍රීන් අඩකට තනතුරු අහිමි වේ

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 261

2022 ජූලි 16 වැනි ශනි දින රාත්‍රී 10 පසු වී විනාඩි 57 රවි ග්‍රහයා සඳුට අයත් කටක රාශියට පිවිසෙන අතර කටක රාශියෙහි රවි අගෝස්තු මස 17 වැනි දින උදේ 7 පසුවී විනාඩි 23 දක්වාම ගමන් කරනු ඇත. අඟහරු මේෂ රාශියෙහිත් බුධ කටක රාශියෙහිත් බ්‍රහස්පති මීන රාශියෙහිදීත් සිකුරු මිථුනයේත් සෙනසුරු මකරයේත් රාහු, යුරේනස් මේෂ රාශියේ සහ නැප්චූන් මීන රාශියේත් ගමන් කරනු ඇත.

 

හත ග්‍රහ ගමන් කිරීම් ගැනද විමසා බැලීමේදී ඉරිදි දින 260 තුළ අප රට ඉතාමත් යහපත් වූත් ජනතා බලාපොරොත්තු ඉෂ්ඨ වන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට හැකි වාතාවරණයක් ඇතිවනු ඇත. නමුත් ඉදිරි දින 260 තුළ ඉතා ප්‍රබල ලෙස පැවති තත්ත්වයටත් වඩා දරුණු වූත් මහජන කැළඹීමක් රහසිගත කුමන්ත්‍රණයක් විප්ලවයක් ඇතිවනු ඇත. රාජ්‍ය පාලනයට බල අරගලයට දැඩි ලෙස නීති විරෝධී ලෙස යම් යම් කණ්ඩායම්ද භයානක ලෙස විරුද්ධවාදීන් වෙත ප්‍රහාර ප්‍රතිප්‍රහාර එල්ල කරමින්ද ඉදිරියේදී ක්‍රියා කරයි. මේ හේතුවෙන් රටේ සාමකාමී තත්ත්වය පහව ගොස් ලේ වැගිරීම් තත්ත්වයක් ඇතිවන අතර තැනින් තැන අහිංසක තරුණ මෙන්ම කුඩා දරුවන්ගේ ජීවිතද ගැටුම් තත්ත්ව නිසා විනාශ වී යනු ඇත. ඉදිරියේදී මැතිවරණ තත්ත්වයක් මත හෝ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවට සිටින මන්ත්‍රීවරුන්ගෙන් අඩකට සමාන ප්‍රමාණයකට තම මන්ත්‍රී ධුර අහිමි වී යනු ඇත. ඒ අතරතුර දී මන්ත්‍රීවරයකුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමකටද සිදුවනු ඇත. නවතම දේශපාලන බලවේගයක් නව බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් ඉදිරියට ඒමෙන් පැවැති අනර්ථකාරී තත්ත්වයන් මුලුමනින්ම වෙනස් මඟකට ගමන් කරනු ඇත.

• මේෂ - ධන හානි

ඔබට අයහපත් වන අතර විශාල ලෙස ධන හානිද වන කාලයක්ද වේ. නොසිතූ අවස්ථාවකදී තම ශරීර ශක්තියට හානි වීමෙන් ප්‍රතිකාර සඳහා ආරෝග්‍ය ශාලාවක් වෙත යාමට සිදුවනු ඇත. විදේශ ගතවීම් අවස්ථා යෙදුණද ඉන් ඵල නොවන කාල සීමාවක්ද වේ.

• වෘෂභ - අධ්‍යාපනයට බාධා

දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත. යම් යම් හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයටද ඉගෙනීම් කටයුතුවලට බාධාවන් එල්ල වනු ඇත. සිතේ සහනය අඩුවන කාලයක්ද වේ.

• මිථුන - සේවා ස්ථානයේ ප්‍රශ්න

ඔබගේ උත්සාහයේ තරමට ඵල අඩුවන කාලයක් වනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් බලපෑම් ඇතිවන අතර තමාගේ කටයුතුවලට අන් අය විරුද්ධ වනු ඇත.

• කටක - හදිසි ලැබීම්

ඔබට අයහපත් නොවන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. ආගමික කටයුතුවලට වැඩි වශයෙන් යොමුවන අතර හදිසි ලැබීම්ද ඇතිවන කාලයකි. ඇස් ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

• සිංහ - විදේශ ගතවීම්

ගමන්වලින් හදිසි ශරීර පීඩා යෙදෙන අතර විදේශ ගතවීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වී යනු ඇත.

• කන්‍යා - සිත් අමනාපකම්

දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් වන අතර ලැබීම් මාර්ගවලටද බලපෑම් ඇතිවනු ඇත. යම් යම් වැඩවල ප්‍රමාද ගති ඇතිවන අතර තම හිත මිතුරන් තමා සමඟ සිත් අමනාපකම්ද ඇතිකර ගනු ලබන කාලයකි.

• තුලා - සතුරු උපද්‍රව

ඔබට එරෙහිව යම් යම් සැඟවුණු සතුරු උපද්‍රව ක්‍රියාත්මක වනු ඇත. විශාල මුදල් ගනුදෙනුවලදී පරිස්සම් විය යුතුවේ. විදේශ ගතවීමේ අපේක්ෂාවන් ඉටුකර ගත හැකිවනු ඇත. ඇස් ආශ්‍රිත පීඩාවක්ද ඇතිවනු ඇත.

• වෘශ්චික ලග්නය - ආගමික කටයුතු

අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධාවීම් ඇතිවේ. ආගමික කටයුතුවලට වැඩිපුර සහභාගි වන කාලයක්ද වේ. දේශපාලනයේ නිරත අයට අයහපත් බලපෑම් ඇතිවනු ඇත. හෘදය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳි අය පරිස්සම් වන්න.

• ධනු - ආර්ථික දුෂ්කරතා

ඔබට අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත. පදිංචි ස්ථානය ආශ්‍රිතවත් ප්‍රශ්න ඇතිවනු ඇත. තම උත්සාහයේ තරමට ඵල නොලැබෙන කාලයක් වන අතර ආර්ථික දුෂ්කරතාද ඇතිවනු ඇත. ශරීරයේ ලේ ආශ්‍රිත පීඩාවක් ඇතිවනු ඇත.

• මකර - පවුලේ වාද විවාද

තම කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ලෙඩ ඇතිවනු ඇත. සහෝදර සහෝදරියන් සමග වාද විවාද ගැටලු ඇතිවනු ඇත. පදිංචි ස්ථානයෙන් ඉවත්ව දින දෙක තුනක් හෝ සිටීමට සිදුවන කාලයක්ද වේ. සැඟවුණු සතුරු උපද්‍රවයන් ක්‍රියාත්මක විය හැකි බැවින් කල්පනාකාරීවන්න.

• කුම්භ - විදේශ ගතවීම්

තම තැන්පත් ධනය වියදම් වී යන කාලවකවානුවක් වේ. ඔබට එරෙහිව යම් යම් සතුරු උපක්‍රම ක්‍රියාත්මක වනු ඇත. විදේශ  ගතවීම් අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර ශරීරයේ ලේ ආශ්‍රිත පීඩාවක් ඇතිවනු ඇත.

• මීන - විරුද්ධවාදීන් ඇතිවේ

ඔබගේ උත්සාහයේ තරමට ලැබෙන ඵල අඩු කාලයක් වේ. යම් යම් කටයුතුවල ප්‍රමාද ගතිද ඇතිවනු ඇත. තමන්ගේ කටයුතුවලට විවිධ විරුද්ධවාදීන්ද ඇතිවන අතර හිස ආශ්‍රිත පීඩාවක්ද ඇතිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය, ගෝනපල