අන්තර්ජාලය මේ වනවිට හොඳ හොඳ ජංජාල ලෝකයට පෙන්වා තිබේ. මේ ජංජාල දකින විට මීටත් වඩා තවත් මොන ජංජාලයක් වෙන්ඩදැයි කෙනෙකුට හිතෙන්නට හැකිය. නමුත් තවත් ඕනෑ තරම් ඇදහිය නොහැකි මහා ජංජාල සිදුවිය හැකි බව තුරුම්පු සහිතව බලා ගන්නට ඕනෑනම් ඔබ අප්‍රේල් 28 වැනිදා ලෝකය පුරා තිරගත වීමට නියමිත The Circle නැරැඹිය යුතුමය.
හැරී පෝටර් කතා මාලාවේ හැරීගේ පෙම්වතිය හර්මියොන් ග්රැන්ගර්ගේ චරිතයට පණ දුන් එමා වොට්සන් The Circle හි තවත් පෙරැළිකාර චරිතයකට පණපොවයි. බරපතළ ක්‍රියාදාම චිත්‍රපටවලට ප්‍රසිද්ධියක් උසුලන ටොම් හැන්ක්ස් මෙහිදී හමුවන අනෙක් ප්‍රධාන චරිතයයි. ස්ටාර්වෝස් චිත්‍රපටය තුළදී මුණ ගැසුණු ජෝන් බෝඩේගා සමග බිල් පැග්ස්ටන් කැරන් ජිලාස්, පැටන් ඔස්වල්ඩ් මේ අන්තර්ජාල ජංජාලය ගැන කියන The Circle නැරැඹීමට බලකර සිටියි.
විද්‍යා ප්‍රබන්ද කතාවක් ලෙස 2013දී සරුසාර අලෙවියක් පෙන්නුම් කළ අමෙරිකානු ලේඛක ඩේව් එගර්ස්ගේ The Circle ග්‍රන්ථය ගැන විචාරකයන් කියා තිබුණේ, ඔහු නැවත සුප්‍රකට ලේඛක ජොර්ජ් ඕවල්ගේ 1984 සහ ඇල්ඩස් හක්ස්ලිගේ Brave New World නැත්නම් නවලෝකය මගින් කතා කළ මාතෘකාවට අලුත් මානයක් දී ඇති බවය. දැන් ජේම්ස් පොන්සොල්ටිගේ අධ්‍යක්ෂණය යටතේ The Circle නමින්ම තිරගතව ඇත්තේද ඒ කතාවයි.
උසස් විදුහලෙන් උපාධි ලබා බවත් වූ හැටියේම වාගේ මේ හොලන්ඩ් හට අමෙරිකානු තරුණ පෙළේ සුපිරි සිහිනයක් වන සිලිකන් වැලී තාක්ෂණික නගරයේ ඉහළම මට්ටමේ අන්තර්ජාල සමාගමක රeකියාවක් ලැබේ. බුද්ධිමතුන් තිදෙනෙකුගේ එකතුවකින් ක්‍රියාත්මක The Circle යනු මේ සමාගමයි. ආයතනයේ අමුත්තන් පිළිගැනීමේ රාකාරියෙන් වැඩ අරඹන මේ වොට්සන් ඉතා ඉක්මනින්ම ඉහළටම නගියි. අන්තර්ජාල ව්‍යාප්තිය උදෙසා අමුතු ගැජට් හදුන්වා දෙන ආයතනය එහි සේවා දායකයන්ගේ කුදු මහත් සෑම පෞද්ගලික කටයුත්තක්ම අධික්ෂණයට සමත් Seechange නැමැති ක්ෂුද්‍ර කැමරාවක් හදුන්වා දෙයි. මෙහි ක්‍රියාකාරිත්වය තුළම සමාජයේ විවිධ පාර්ශ්වයන් එක්කර ගැනීමටත්, ඔවුන්ගේ සියලු කටයුතු අධික්ෂණය සහ පෞද්ගලික තොරතුරු හුවමාරුවටත් සමත්වන සේ වැඩිදියුණු කිරීමේ කාරියට මේ අතගසයි. සැබැවින්ම ඇය සිය ක්ෂේත්රයේ සාර්ථකත්වය ලබයි. නමුත් ඒ නිසාම ඇයට බොහෝ දේ අහිමිව යයි. ඇයට රුකියාව ලබාදීමට කටයුතු කරන හොඳම මිතුරිය ඈ පිළිබඳ ඊර්ෂියාවෙන් පෙෙළයි. ඒ නිසාම ඇය ආයතනයේ තාක්ෂණික පර් ෙය්ෂණයක විද්‍යාගාර මීයෙකු බවට පත්වන්නට සිය කැමැත්තෙන්ම ඉදිරිපත්වෙයි. නමුත් එහි අවසානෙදි ඈ මානසික අර්බුදයකට ලක්වෙයි. මේ හොලන්ඩ් හට අහිමිව යන්නේ සිය මිතුරිය පමණක් නොවේ. ඇයට ඇගේ පෞද්ගලිකත්වයද අහිමිව යයි. The Circle තුළ තමන්ගේ එක් වචනයක් හෝ සුළු ක්‍රියාවකින් හෝ තමන්ට සමීපතමයන් බොහෝමයකගේ මෙන්ම මනුෂ්‍ය වර්ගයාගේද අනාගත ජීවිතය මහා ඛේදවාචකයක් බවට පත්කිරීමට හදන බව හදිසියේම &මේ* වටහාගනියි. එතැන් සිට The Circleහි කරැම බන්ධන චක්‍රයෙන් මිදෙන්නට ඈ දරනා උත්සාහය ත්‍රාසය, උපරිම මට්ටමින් රදවාගත් මේ අන්තර්ජාල ඛේදවාචකය තුළ දිග හැරේ. STX විනෝදාස්වාද සමාගමේ නිෂ්පාදනයක් වන මෙය ඉහළඹ ආදායම් වාර්තා තබන චිත්‍රපටය ලෙස පෙරුළියක් ඇතිකරනු ඇති බවට විචාරක ප්‍රතිචාර මගින් තහවුරු කර තිබේ.
සුගත් පී. කුලතුංග ආරච්චි