2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

කොළඹට ආ ඉතාලි රස ’’අයි සැපෝරී ඩී ඩොල්සේ ඉතාලියා’’

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

ඉතාලි බසින් "අයි සැපෝරී ඩී ඩොල්සේ ඉතාලියා" කියන්නේ රසවත් ඉතාලියානු ආහාර කියන කියන එකට. ඔන්න මේ නමින්ම මෙරටට සාම්ප්‍රදායික ඉතාලියානු ආහාර නිෂ්පාදන පෙළක් හඳුන්වා දුන්නා. පසුගියදා මේ වැඩේ සිද්ධ වුණේ ඩොල්සේ ඉතාලියානු අවන්හලේ.  ලංකාවේ ප්‍රමුඛතම ඉතාලියානු අවන්හලක් වෙන ඩොල්සේ ඉතාලියා පිහිටලා තියෙන්නේ කොළඹ 05 ස්කෙල්ටන් මාවතේ. රටේ ජනප්‍රිය කීර්තිමත් චරිත ගොඩක් සහභාගී වුණු මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වුණේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය රීටා ගුයිලානා මැනෙල්ලාද.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය යොදාගෙන "අයි සැපෝරී ඩී ඩොල්සේ ඉතාලියා" නිෂ්පාදන අතරට ලසඤ්ඤා, පැස්ටා සෝස්, ජෑම් වර්ග, චට්නි වර්ග, පේට් ආහාර, සීත කළ පීසා, රසවත් කුකීස් වර්ග රැසක් ඇතුළත්.  ඒ වගේම තවත් එකී මෙකී නොකී ඉතාලියානු ආහාර රැසක් මීට ඇතුළත්. වර්ණවත් බව, උණුසුම්බව , විධිමත් බව සහ ස්වභාවික ඉතාලියානු රසය සපිරි මේ අත්දැකීම නම් ලාංකික අපිට අපූරු එකක්.

I සේයාරූ - චන්න කස්සප කෝරළේආරච්චි

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00