2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ගමේ තාලෙට : අපේ විදියට පල්ලෙකැලේ සුන්දර මල්ලිකා

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

 

මහනුවර සැලකෙන්නේ ලංකාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙසයි. විශේෂයෙන්ම පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරම්භ වීමත් සමඟ ක්‍රිකට් වෙනුවෙන් මහනුවර ප්‍රදේශයට ඇදෙන පිරිසත් වර්ධනය වෙලා. ඒ වගේම ගොල්ෆ්, රග්බි වගේ ක්‍රීඩාවන් නිසාත් මේ ප්‍රදේශය ආකර්ෂණයක් දිනාගනිමින් තිබෙනවා. 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පෙනෙන මානයේ පිහිටා තිබෙන මල්ලිකා හෝටලය කියන්නේ මහනුවර මහියංගණය ප්‍රධාන පාරට මායිම්ව තැන්නකුඹුර හා දිගන අතර කිලෝ මීටර 15ක මානය තුළ පිහිටා තිබෙන එකම තරු පන්තියේ හෝටලය විදිහට හඳුන්වන්න පුළුවන්. 

2008 වසරේදී ආරම්භ වූ මේ සුන්දර හෝටලය ආරම්භ කෙරැණේ මේ වසරේ ජනවාරි මස අගදීයි. 

හෝටලයේ මුළු කාමර ගණන 15ක්. ඊට ද්විත්ව කාමර 5ක් ත්‍රිත්ව කාමර 6ක් හා පවුලේ කාමර 4ක් ඊට ඇතුළත්. මේ සියලු කාමර කඳුවැටිවල දර්ශනත් පිහිනුම් තටාකයේ දර්ශනයත් සහිත අලංකාර දර්ශන තලයක් දැකගැනීමට ලැබෙන සඳලුතල සහිතව නිර්මාණය කර තිබෙනවා. 
ආහාරපාන ලබාගැනීමත් මෙහිදී වෙනස්ම අත්දැකීමක්. ගමේ තාලෙට, නුවර තාලෙට වගේම යුරෝපීය, චීන ආදී වෙනත් ආහාරපාන වර්ගත් රස විඳීමේ හැකියාව එහිදී උදා වෙනවා. Fusion Cooking කියන්නේත් ඔවුන් සතුව තිබෙන ආහාර පිළියෙල කිරීමේ විශේෂතාවක්. ඒ විතරක් නෙමේ අවශ්‍ය නම් බාබක්‍යු රාත්‍රී ආහාරවේල් පවා සූදානම් කරගැනීමේ හැකියාව පවතිනවා. 

මල්ලිකා හෝටලය කියන්නේ බොහෝ සංචාරක ආකර්ෂණවලට ළඟාවෙන්න බොහොම පහසු තැනක්. පැරණි ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්ක, පේරාදෙණිය මල්වත්ත, නකල්ස්, වික්ටෝරියා ගොල්ෆ් පිටිය හා වික්ටෝරියා වේල්ල ආදී බොහෝ තැන්වලට මෙහි සිට ළඟාවෙන්න යන්නේ ඉතා කෙටි කාලයක්. 

ඒ වගේම කඳු තරණය, කෑම්පින්, කුරුල්ලන් නැරඹීම වගේ ගොඩක් ක්‍රියාකාරකම්වලටත් මෙතැන සිට යන්න එන්න පුළුවන්. හෝටලය ආරම්භ කරලා ඉතා කෙටිකාලයක් ගෙවී තිබුණත් විදේශිකයන් බොහෝදෙනෙක්ගේ ආකර්ෂණය හිමිකරගෙන තිබෙන මල්ලිකා හෝටලයේ තවත් විශේෂත්වයක් වන්නේ Sri Lankan first ප්‍රතිපත්තියයි. ඒ කියන්නේ දේශීය සංචාරක ඔබේ අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගෙන් වැඩි ප්‍රමුඛතාවක් හිමිවෙනවා. 

සනත් වීරසූරිය
සේයා රූ - නීල් සිරිවීර