2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

කඳු මුදුනේ - මුහුදු පතුළේ ක්‍රීඩාව Extreme Ironing

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

 

Extreme Ironing කියන්නේ එක් අතකින් ත්‍රාසය වගේම විනෝදයත් මුසු වුණු ක්‍රීඩාවක්. මේක විකාර අදහසක් විදිහටත් ඔබට හිතේවි. නමුත් ලෝකයේ විවිධ රටවල ඉන්න සමහරුන්ට මේක විනෝදය ගෙන දෙන ක්‍රීඩාවක්.මේකෙදී කරන්න තියෙන්නේ යම් දුෂ්කර තැනකට ගිහින් ඇඳුම් මදින එකයි. ඒ තැන කඳු මුදුනක්, කාර් එකේ බොනට්ටුව, සර්ෆින් බෝඩ් එකක්, මුහුදු වෙරළක් වගේම මුහුදු පතුළක් වෙන්නත් පුළුවන්.  මේක ඇත්තටම ක්‍රීඩාවක් විදිහට වර්ධනය වෙලා තියෙන්නේ එංගලන්තයේ ඉන්න පුද්ගලයෙක්ගෙ ඔලුවට නිකමට ආපු ආසාවක් අනුවයි. මේ වෙද්දී Extreme Ironing කාර්යංශය නමින් සංවිධානයකුත් බිහිවෙලා.