2019 මාර්තු 16 වන සෙනසුරාදා

පොප් සංස්කෘතියේ අලුත් දේවල් ලංකාවට ගෙනා COLLECTIQUE

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

කාලයකට ඉස්සර ලංකාව කියන්නේ ජනප්‍රිය පොප් සංස්කෘතියේ ගොඩක් අංගවල සැබෑ නිෂ්පාදන හොයාගන්න අමාරු තැනක්. හැබැයි දැන් ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. විශේෂයෙන්ම COLLECTIQUE විවෘත වීමත් ඒකට ලොකු හේතුවක් කියලයි මම හිතන්නෙ.

COLLECTIQUE කියන්නේ ලෝකෙම පොප් සංස්කෘතියේ ඇතිවෙන අලුත් අලුත් දේවල් අපිටත් ලබාදෙන තැනක්. කොටින්ම කිසිම වයස් භේදයක් නැතිව පොප් සංස්කෘතියේ මේ මොහොතේ තියෙන අලුත්ම රැල්ලට අදාළ වන විදිහේ දේවල් ගොඩක් COLLECTIQUE සාප්පුවේදී ඔබට මිලදී ගන්න පුළුවන්.

මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ලේ පිහිටලා තියෙන මේ විශේෂ සාප්පුවට ගියොතින් පොප් සංස්කෘතියට අදාළ ගොඩක් දේවල් දැකගන්න පුළුවන්. උදාහරණ විදිහට කාටුන් චිත්‍ර සහිත කමිස, විවිධ පිළිරූ, කුඩා මෝටර් රථ අනුරූ, අධ්‍යාපනික ක්‍රීඩා භාණ්ඩ, පෝස්ටර් වගේ බොහෝ දේ මෙහි අඩංගුයි. ඒවායින් සමහරක් ඉතා සීමිත නිෂ්පාදන වීමත් විශේෂත්වයක්. 

ඒ සියල්ල අතුරින් මෙතැනි තිබුණු කමිස එකතුවට මගේ හිත තදින්ම ඇදිලා ගියා. COLLECTIQUE සාප්පුවේ බෙල්ජියමෙන් ගෙනාපු ටින් ටින් කමිස, මෙක්සිකෝවෙන් ගෙනා මාර්වෙල් සහ ඩීසී කමිස ආදියත් තිබුණා. හැබැයි සාප්පුවේ හිමිකරු ඔෂාන් කියන විදිහට Batman, Deadpool, Wolverine සහ Darth Vader තමයි වැඩිපුරම අලෙවි වන කමිස වර්ග. මෙතැන තියෙන අනෙක් විශේෂම කරුණ තමයි මේ සියලු නිෂ්පාදන හොඳ සන්නාමයක් යටතේ එන ජාත්‍යන්තර නිෂ්පාදන වීම.

- ධනූ
- ඡායාරූප - You’re my favorite 

 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00