2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

නෙළුම් පොකුණ මාවතේ දිගහැරෙන කොළඹ කලාපොළ

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

කලාපොළ කියන්නේ කොළඹ ජීවත් වෙන ජනතාව වගේම කොළඹට යන එන ජනතාවත් පුල පුලා බලා සිටින දෙයක් කිව්වොත් හරියටම හරි. සාමාන්‍යයෙන් ජනවාරි පෙබරවාරි මාසවල, ඒ කියන්නේ අවුරුද්දෙ මුලදීම පැවැත්වෙන මේ කලාපොළ හරහා කොළඹ විතරක් නෙමෙයි, රට පුරාම ඉන්න කලාකරැවන්ට තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරන්න කදිම අවස්ථාවක් නිර්මාණය වෙනවා.

ජෝර්ජ් කිට් පදනමත් ජෝන් කීල්ස් සමූහයත් වාර්ෂිකව පවත්වන කලාපොළ මෙවරත් පෙරවාරි 24 වැනිදා ඉරිදා කොළඹ 7 නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වෙනවා.

උදේ 8 සිට රාත්‍රී 9 වෙනතුරු පැවැත්වෙන මේ කලාපොළට නොමිලේ ඇතුළු විය හැකියි.

චිත්‍ර, පින්තාරු, සංගීතය, ලෝහ නිර්මාණ විතරක් නෙමෙයි හිතාගන්න බැරි අන්දමේ නිර්මාණත් මෙතැනදී දකින්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් ආහාර අලෙවිසැල් රාශියකුත් මෙහිදී දකින්න ලැබෙනවා.

ලාංකිකයන් වගේම සංචාරකයිනුත් ගැවසෙන කලාපොළ කියන්නේ කලාකරුවන්ට නම් හොඳ සම්බන්ධතා ජාලයක් හදාගන්න කදිම තැනක්. කලාකාමීන්ට තමන්ගේ රුචි පරිදි කලා නිර්මාණ මිලදී ගැනීමේ තෝතැන්නක්.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00