
මානව ඉතිහාසයේ සූර්යයාට වඩාත් ළංව පියාසර කරන අභ්‍යවකාශ යානය වන නාසා ආයතනයට අයත් පාකර් සෝලර් ප්‍රෝබ් සූර්යයා සම්බන්ධයෙන් මුල්ම තොරතුරු එවීම ආරම්භ කර තිබේ. පාකර් යානය වාර්තාගත වනුයේ සූර්යයාට වඩාත් සමීපව පියාසර කිරීමෙන් පමණක් නොවේ. එය වැඩිම වේගයක් සහිත අභ්‍යවකාශ යානය ලෙසද වාර්තාවක් පිහිටුවා තිබේ. එහි වේගය පැයට කිලෝමීටර් 375000කි. මීට පෙර අභ්‍යවකාශ යානයක් සටහන් කර තිබූ වැඩිම වේගය පැයට කිලෝමීටර් 250000කි.
පසුගිය අගෝස්තු මාසයේදී නාසා ආයතනය මෙම යානය අභ්‍යවකාශගත කරනු ලැබුවේ, සූර්යයාගේ බාහිර අවකාශය අධ්‍යයනය කිරීමේ අරමුණෙනි.සූර්යයාගේ බාහිර අවකාශය එහි මතුපිට ස්ථරයට වඩා උෂ්ණාධිකය. සූර්ය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ විය හැකිවන අතර බාහිර අවකාශයේ උෂ්ණත්වය අංශක මිලියන ගණනක් තරම් අධිකය. බාහිර අවකාශය තුළ එතරම් අධික තාපයක් ඇති වීමට බලපාන යාන්ත්‍රණය මෙතෙක් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නොමැත. පාකර් යානයේ අරමුණ වී ඇත්තේ, එම ප්‍රහේළිකාව විසඳීමයි. ඒ, සූර්යයාගේ මතුපිට අවකාශය තුළින් පියාසර කර එහි කොටස්, චුම්භක සහ විද්‍යුත් ක්ෂේත්‍රවල නියැදි ලබා ගනිමිනි.
මුලින්ම එම යානයෙන් ලැබුණු දත්ත අතර සූර්ය තාරකාවෙන් නික්මෙන ශක්තිජනක වායු සහ ප්ලාස්මා දැක්වෙන ඡායාරූපද මාධ්‍ය වෙත පසුගියදා නිකුත් කර ඇත.