
මියන්මාරයේ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අමෙරිකාවේ රොයිටර් මාධ්‍යවේදීන් වීථිබැස තිබේ. අදාළ මාධ්‍යවේදීන් පිරිස එහිදී ප්‍රකාශ කළේ ජනමාධ්‍යවේදය අපරාධයක් නොවන බවයි.
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිළිබඳව වාර්තාකරණයේ යෙදුණු රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනෙකු රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කීරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව පැවති නඩු විභාගයකදී ඔවුන් එම චෝදනාවට වැරදිකරුවන් බව තීන්දු කිරීමෙන් පසු වසර හත බැඟින් සිර දඩුවම් නියම කළේය. වා ලෝන් සහ ක්යව් සෝ ඌ නම් එම මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මේ වනවිට වසරක් සම්පූර්ණ වී තිබේ. ඒ නිමිති කරගෙන අමෙරිකාවේ රොයිටර්ස් මාධ්‍යවේදීහු නිව් යෝක් නුවර වීථිවලට අවතීර්ණවී සිටියහ.

ඔවුන් ජනමාධ්‍යවේදය අපරාධයක් නොවේ යන්න සඳහන් ටී ෂර්ටයක්ද හැඳ සිටින අයුරු එහිදී දක්නට ලැබුණි. අනතුරුව ටයිම්ස් චතුරස්‍රයේ තොම්සන් රොයිටර්ස් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ මාධ්‍යවේදීන් පිරිස ඉල්ලා සිටියේ මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන ලෙසයි.