2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඉන්දියාවේ ලොකුම චන්ද්‍රිකාව

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ දෙකක්ම පසුගිය සතියේ වාර්තා විය. රුසියානු හා කැනේඩියානු ගගනගාමීන් දෙදෙනකු හා අමෙරිකානු ගගනගාමිනිනියක සෝයුස් රොකට්ටුව හරහා සාර්ථකව අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය කරා ළඟාවෙද්දී අපේ අසල්වැසියා ඉන්දියාව සිය විශාලතම චන්ද්‍රිකාව වන GSAT - 11 කක්ෂ ගත කළේය.

ප්‍රංශ රොකට්ටුවක ආධාරයෙන් චන්ද්‍රිකාව කක්ෂගත කර ඇති අතර එය මෙතෙක් ඉන්දියාව විසින් කක්ෂගත කළ විශාලම චන්ද්‍රිකාවය. එහි බර කිලෝග්‍රෑම් 5854ක් වන අතර දෙසැම්බර් මාසය අවසන් වීමට මත්තෙන් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ හැකි බව ඉන්දීය විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.