
ලෝප්‍රකට චීන ජංගම දුරකතන උපාංග නිෂ්පාදන සමාගමක් වන හුආවෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන මෙන් වැන්ෂු කැනඩාවේදී අත්ඩංගුවට ගැනීමත් සමඟ අමෙරිකාව සහ චීනය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලටද එය දැන් තීරණාත්මක ලෙස බලපාමින් තිබේ. මේ වනවිට අමෙරිකාව සහ චීනය, දෙරට අප්‍රකාශිත වෙළෙඳ යුද්ධයක් පවත්වාගෙන යන්නේ බිලියන ගණන් බදු එකිනෙකාගේ නිෂ්පාදන මත පනවමිනි. නමුත් පසුගියදා පැවති G20 සමුළුවේදී ඔවුන් දින 90ක සමථ කාලයකට එළඹීමට පිළිණ දී සිටියහ. ඒ අතර දෙසැම්බර් 1 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ කැනඩාවේ වැන්කුවර් හිදී ය.
හුආවෙයි සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය ද වන ප්‍රධාන විධායක නිලධාරිනී මෙන්ව, මෙසේ අත්ඩංගුවට ගෙන තිබෙන්නේ ඉරානයට එරෙහි සම්බාධක උල්ලංඝනය කිරීමට එරෙහිවය. අමෙරිකානු නීති සාධන ඒජන්සි, හුආවෙයි සමාගමේ ක්‍රියාවන්, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බවට පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ. ඔවුන්ගේ තර්කය වන්නේ එම උපාංගවල ඇති තාක්ෂණය චීන ආණ්ඩුව විසින් ඔත්තු බැලීම සඳහා යොදාගන්නා බවයි. නමුත් හුආවෙයි සමාගම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. මෙය ‘මානව හිමිකම් උල්ලංඝනයක්’ බව පවසන චීනය, මේ පිළිබඳ වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය බව අමෙරිකාවට සහ කැනඩාවට කියා ඇත. මේ අන්දමින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් මානව හිමිකම් උල්ලංඝනය වන බවත් වහාම ඇයව මුදාහරින ලෙසත් ඔවුහු බල කර ඇත.
සමාගම, ලෝකයේ දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාලතම උපාංග හා සේවා සපයන්නන් අතරින් එක් අයෙක් වන අතර, එය පසුගියදා ඇපල් සමාගමද පසු කරමින් ලෝකයේ දෙවනුවට විශාලතම ස්මාට් වර්ගයේ ජංගම දුරකතන නිපදවන්නා බවට පත් විය. මේ වනවිට හුආවෙයි සමාගම දෙවැනි වන්නේ සැම්සුන් සමාගමට පමණි. එසේම මෙම අත්අඩංගුවට ගැනීමට සමගාමීව මේ වනවිට බටහිර රටවල හුආවෙයි උපාංග හා තාක්ෂණය සීමාකර තිබීමද විශේෂත්වයකි. ඒ අතර එක්සත් රාජධානිය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද වේ.
කැනඩාව, ඇයව අත්අඩංගුවට ගත් බව සනාථ කරයි. මේ අතර, අමෙරිකාව විසින් ඇයව සිය රටට භාර කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවද සඳහන්ය. ඇය පිළිබඳ වැඩිදුර විස්තර ප්‍රකාශයට පත් නොකිරීමේ පිළිවෙතක් ද මේ වනවිට කැනඩාව විසින් අනුගමනය කරයි.