2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

සෑම වසරකම දරුවන් 58,000ක් බැක්ටීරියාවන්ට බිලි!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

සෑම වසරකම දරුවන් 58,000ක් පමණ ප්‍රතිජීවකවලට ඔරොත්තු දිය හැකි බැක්ටීරියා හේතුවෙන් ඉන්දියාව තුළ මියයන බව අලුත්ම වාර්තාවක් පෙන්වා දෙයි. 2000 සිට 2015 අතර කාලය තුළ ලොව පුරා මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නන්ගේ ප්‍රතිශතය සියයට 65කින් පමණ වැඩි වී ඇති අතර ඉන්දියාවේ එම අගය සියයට 103ක් බව සඳහන් වේ.

නාගරික අපද්‍රව්‍ය, ගංගා ඇතුළු ජල පද්ධතිවලට එකතුවීමෙන් ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන බැක්ටීරියා නිර්මාණය වන අතර එමගින් දැඩි සෞඛ්‍ය අවදානම් තත්ත්වයන් නිර්මාණය වන බව ප්‍රතිජීවක සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවති සම්මන්ත්‍රණයකදී අනාවරණය කර ඇත. ප්‍රතිජීවක ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ වසරකට මියයන බව එහිදී සඳහන් කර ඇත්තේය.