2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

ලොව සුපිරිම මිසයිලය ඉන්දියාවෙන්!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

ඉන්දියාව ලෝකයේ වේගවත්ම සුපර්සොනික් මිසයිලය පසුගියදා සාර්ථකව ගුවනට විද්දේය. බ්‍රහ්මොස් (BrahMos missile) ලෙස හඳුන්වා දී ඇති මෙම මිසයිලය ලෝකයේ ඕනෑම ගුවන් හමුදාවකට සිතාගත නොහැකි තරම් අධිබල ප්‍රතිඵල අත්කර දෙන්නක් යැයි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය සනාථ කළේය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරිය නිර්මලා සීතාරාමන් හමුදාවට සහ මිසයිලය නිෂ්පාදනය කළ බ්‍රහ්මොස් එරොස්පේස් කණ්ඩායමට සිය සුබපැතුම් එක් කළාය.

මේ පරීක්ෂණය සාර්ථක වීමේ අදහස වන්නේ, ඉන්දීය ගුවන් හමුදාවට ඉදිරියේදී බ්‍රහ්මෝස් මිසයිල එක් වනු ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී බ්‍රහ්මොස් මිසයිලවලින් සන්නද්ධ, ගුවන් යානා 18 කින් යුත් Sukhoi Su-30 ප්‍රහාරක ජෙට් යානා සේනාංක 2 ක් ඉන්දීය ගුවන් හමුදාවට එක්වනු ඇත.

බ්‍රහ්මෝස් මිසයිලය ඉන්දු-රුසියානු හවුල් ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර ගංගාව සහ රුසියාවේ මෝස්ක්වා ගංගාවේ මුලකුරු එක් කරමින් බ්‍රහ්මෝස් යන නම එයට ලබා දෙනු ලැබිණි. මෙම සුපර්සොනික් ක_ස් මිසයිලය, ශබ්දයේ වේගය මෙන් 3 ගුණයක් වේගවත්ය. කිලෝමීටර 290 ක පරාසයක් තුළ පිහිටා ඇති ඉලක්ක ගැනීමට එයට හැකියාව තිබේ. එහි බර ටොන් 2.5 ක් පමණ වේ. ඉන්දියාව ලෝකයේ ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි,  තාක්ෂණික සංග්‍රාමයක් අරඹා තිබේ. එය සෑම ක්ෂේත්‍රයක් වෙතම විදාරණය වන්නකි. මෝදිගේ මැදිහත් වීම මත, එලන් මස්ක්ගේ හයිපලූප් දුම්රියද ලබන වසරේදී ඉන්දියාවට පැමිණීමට නියමිතය. පොළොව මතුපිට තැනෙන නළ පද්ධතියක් හරහා විදුලි වේගයෙන් දුවන හයිපලූප් නිසා, මෝටර් රථයක වේගය මෙන් 4 ගුණයක වේගයකින් මුම්බායි සහ පූනායි දෙනුවර යා වනු ඇත.