
බොලිවුඩ් සිනමා තාරකා යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං දීපිකා - රන්වීර් ඉතාලියේ අතිසුඛෝපභෝගී හෝටලයක සිය මංගල උත්සවය පවත්වා ඇත. දීපිකා සහ රන්වීර් වසර හයක් පුරා පෙමින් වෙලී සිටි බවට කටකතා පළවුණත්, යුවළ තම සබඳතාව පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කළේ මෙම වසරේ මුල් භාගයේදීය. දීපිකා - රන්වීර් විවාහ උත්සවය බදාදා (නොවැ. 14) පැවැත්විණි. එය ඔවුන් දෙදෙනා එක්ව පළමුවරට රඟපෑ ‘රාම් ලීලා’ චිත්‍රපටයේ පස්වන සංවත්සරය යෙදී තිබුණු දිනයද විය. මේ මංගල්ලය වැඩි ප්‍රසිද්ධියක් රහිතව රහසිගතව පැවැත්වීමට මුලසිටම දෙදෙනා පියවර ගෙන තිබුණි.
තම විවාහ මංගල්‍යය පිළිබඳව කිසිවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු නොකරන ලෙස නව යුවළ කලින්ම ඉල්ලා සිටි අතර, මෙම විවාහ උත්සවය සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා කර නොතිබුණද, ඔවුන් විවාහ උත්සවයට සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප පුවත්පත් සහ සඟරාවල පළකර තිබිණ. සියලුම මංගල තෑගි දීපිකා පදුකෝන්ගේ ‘මානසික සුවතා පදනමට’ ප්‍රදානය කරන ලෙසද යුවළ ඉල්ලා සිටියහ.
ඔවුන් දෙදෙනා බජිරාඕ මස්තානි සහ පද්මාවත් ආදී අතිශය ජනප්‍රියත්වයට පත් බොලිවුඩ් සිනමාපට කිහිපයක් සඳහා එක්ව රංගනයෙන් දායක වී තිබේ. ෆෝබ්ස් සඟරාව පවසන පරිදි ඔවුන් දෙදෙනා එක්ව පසුගිය වසරේදී උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 21 කි.