
බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ මෙම නොවැම්බර් මස 14 සහ 15 දෙදින තුළදීය. ‘දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිසකගේ බලාපොරොත්තු ඉටුකරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට පත්ව ඇතත් උත්සවය පැවැත්වෙන්නේ කොහේදැයි මාධ්‍යවලට හෙළිකර නැත.
රන්වීර් සහ දීපිකා යුවළ තීරණය කර ඇත්තේ විවාහ මංගල්‍යය අප්‍රසිද්ධව පවත්වන්නටය. සීමිත ආරාධිතයන් පිරිසක් පමණක් සහභාගි කරවා ගන්නා, පෞද්ගලිකත්වය රැකෙන ලෙස චාම් අයුරින් පැවැත්වීමට නියමිත මේ විවාහ මංගල උත්සවයට සහභාගි වන අයට අමුතු තහනමක්ද පනවා තිබේ. ඒ ආරාධිතයන් කිසිවෙකුටවත් ජංගම දුරකතන රැගෙන ඒමට ඉඩ ලබා නොදීම මඟිනි. මංගල්ලය ගැන කිසිම මාධ්‍යයකට විස්තර නොකියා සිටීම සඳහා ආරාධිතයන්ට ජංගම දුරකතන ගේන්න එපා යැයි දන්වා ඇති බව වාර්තා වේ.