
ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සෞදිය අරඹා තිබේ. සෞදිය නව බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් ගුවන්යානා නිර්මාණය සහ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන ඇත.
මේ අතරින් බලශක්ති ක්ෂේත්‍රයට අදාළව පරමාණු බලශක්තිය යොදාගැනීම සම්බන්ධ අධ්‍යයනයන් හා යෙදවීම් සිදුකිරීම මූලික තැනක් ගෙන ඇත. පසුගිය මැයි මාසයේ සෞදිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන්නේ නම් තමන්ද ඊට නොදෙවෙනි ලෙස පරමාණු බෝම්බ සහ අවි නිපදවිය යුතු බවයි. ඉදිවන න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක බලාගාරය ඒ සඳහා යොදාගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.