
ලොවපුරා සෙල්ෆී උමතුවක් පැතිර යන්නෙ අධික වේගයෙනි. පසුගිය වසර හයක කාලය තුළ පමණක් ලොව පුරා පුද්ගලයින් 259 දෙනකු මෙලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත. සෙල්ෆි මරණ වැඩිපුරම වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකාව සහ පාකිස්ථානයෙනි. වැඩිපුරම මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් බවත් එය සියයට 72.5ක අගයක් ගන්නා බවත් එහි සඳහන්ය.
මෙසේ මියයන සංඛ්‍යාව වසරින් වසර වැඩිව ඇති බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. 2011දී තුනක් වූ මරණ සංඛ්‍යාව 2016 දී 98ක් හා 2017 දී 93ක් ලෙස වැඩි වී ඇත. මෙම අධ්‍යනය සිදුකළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඇමරිකානු ජාතික පුස්තකාලයේ මෙම මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා පිළියමක් ලෙස පර්යේෂකයන් යෝජනා කරන්නේ අවදානම් සහිත ස්ථානවල සෙල්ෆි ඡායාරෑප තහනම් කලාප ඇති කළයුතු බවයි.
ඔවුන් පවසන්නේ සෙල්ෆි ඡායාරෑප ගැනීමේදී මියගිය සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය යුතු බවයි. ඒ මරණයට හේතුව සෙල්ෆි ඡායාරෑප ගැනීමේදී මියයාම ලෙස සඳහන් නොකරන බැවිනි.