
අප්‍රිකාව කී සැණින් අපට මතක් වන්නෙ දුගී දුප්පත්කමය. නමුත් අප්‍රිකාවේ ද කෝටිපතියෝ සිටිති. ඒ කෝටිපතියන් අතර ලාබාලතමයා වූ ප්‍රකෝටිපතියෙක් ගැන ආන්දෝලනාත්මක කතාවක් ඊයේ පෙරේදා එළියට ආවේය. ඒ ටැන්සානියාවෙනි. ටැන්සානියාවේ ඩාඑස් සලේම් අගනගරයේ හෝටලයකදී අප්‍රිකාවේ මේ ලාබාලතම ප්‍රකෝටිපතියා පැහැරගෙන යාමත් සමගිනි.
හතළිස් තුන්හැවිරිදි මොහොමඩ් දේව්ජි පවුලේ තොග සහ සිල්ලර ව්‍යාපාර දියුණුකර බිලියන එකහමාරක සල්ලිකාරයෙක් බවට පත්වූ අයෙකි. පසුගිය බදාදා ඔහු නැවතී සිටි හෝටලයේ ව්‍යායාම කුටියට යද්දී මොහොමඩ් පැහැර ගැනීමට ලක්ව තිබේ. ‘මෝ’ නමැති කෙටි නමින් හැඳින්වෙන මේ අප්‍රිකානු සල්ලිකාරයා පැහැරගත් බවට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ. මේ අය පිටරැටියන් පිරිසකි. මෝ පැහැර ගැනීමට හේතුව මෙතෙක් පැහැදිලිව නැත.