2025 අගෝස්තු 30 වන සෙනසුරාදා

සාර්ථක වූ ස්ටාර්ෂිප් මෙහෙයුම!

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

SpaceX ආයතනය සිය 10 වැනි Starship පරීක්ෂණ පියාසැරිය සාර්ථකව දියත් කිරීමට සමත්ව තිබේ. Starship හි මෙම නවතම දියත් කිරීම අතරදී ව්‍යාජ චන්ද්‍රිකා 8 ක් සාර්ථකව ස්ථානගත කරන්නටද හැකිව ඇත. ස්ටාර්ෂිප් යනු ඇමෙරිකානු අභ්‍යවකාශ සමාගමක් වන SpaceX විසින් තනනු ලබන අදියර දෙකකින් යුත්, සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි, සුපිරි බර එසවුම් හැකියාව සහිත අභ්‍යවකාශ භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනයට යොදාගන්නා රොකට් වාහනයකි.

ලොව ප්‍රකෝටිපති එලොන් මස්ක්ගේ, ස්පේස් එකස් (Space X) සමාගමේ නවතම නිපැයුමක් වන “ස්ටාර්ෂිප්” (Starship) රොකට්ටුව ලෝකයේ වැඩිම කතාබහට ලක්වූ රොකට්ටුවකි. ඒ, එය අභ්‍යවකාශ ගත කිරීමේ බලාපොරොත්තුව අවස්ථා කිහිපයකදී බිඳවැටීමත් සමඟයි. මෙම වසරේ පමණක් “ස්ටාර්ෂිප්” (Starship) රොකට්ටුව දියත් කිරීම අවස්ථා තුනකදී අසාර්ථක විය. එහෙත් බලාපොරොත්තු අත්නොහැරි එලොන් මස්ක්, ලොව විශාලතම සහ බලවත්ම මෙම රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමට යළි තීරණය කර තිබුණි. එය මෙවර අභ්‍යවකාශ ගත වුණේ ටෙක්සාස් සිටය. මිනිසුන් දෙවැනි වර සඳට යැවීමට 2027 දී ක්‍රියාත්මක වීමට නියමිත ආර්ටිමෙස් (Artemis) වැඩසටහන සඳහා මෙම රොකට්ටුව භාවිත කිරීම නාසා ආයතනයේ සැලසුමයි. ආර්ටිමෙස් (Artemis) වැඩසටහන යනු 1972 වසරේ ඇපලෝ වැඩසටහනෙන් පසු ක්‍රියාත්මක වන මිනිසුන් සඳ මතට ගොඩබැස්වීමේ පළමු කාර්ය මණ්ඩල මෙහෙයුමය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00