පාසල් වේලාව තුළ පන්ති කාමරවල ජංගම දුරකථන සහ ස්මාර්ට් උපාංග භාවිතය තහනම් කිරීමේ පනතක් දකුණු කොරියාව සම්මත කර තිබේ. මේ අනුව ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් අතර දුරකථන භාවිතය සීමා කරන නවතම රට බවට දකුණු කොරියාව පත්ව ඇත. ලබන වසරේ මාර්තු මාසයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වන්නට නියමිතය.
එරට නීති සම්පාදකයන්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන් පවසන්නේ දරුවන් ඉගෙනීමට ගත යුතු කාලය ජංගම දුරකථන භාවිතයට යොදාගන්නා බවයි. එරට පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වූ අතර, 163 ට 115 ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණි.