යුක්රේනය සහ එහි යුරෝපීය ආධාරකරුවන්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡාවලදී යුක්රේනයේ අවශ්‍යතා පාවා නොදී හෝ එහි භූමිය කොටස් කිරීමට යෝජනා නොකර හෝ සටන් විරාමයක් සඳහා පුටින්ට බල කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපතිවරයා අතර සිකුරාදා අගභාගයේදී ඇලස්කාවේ පැවති යුක්රේනයේ යුද්ධය නිමා කිරීම සඳහා මුලපුරන මූලික හමුවට පෙර යුක්රේනය සහ එහි යුරෝපීය සහචරයෝ, වීඩියෝ ඔස්සේ පැවති අතථ්‍ය සම්මන්ත්‍රණයකදී ට්‍රම්ප් හමුවූහ.
ඉඩම් පවරාදීම පිළිබඳ ඕනෑම සාකච්ඡාවකට යුක්රේනය ද සම්බන්ධ විය යුතු බවට ට්‍රම්ප් එකඟ වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසූ අතර, පශ්චාද් යුද සමථයකට පත්වීමකදී ආරක්ෂාව සහතික කිරීමේ අදහසට ට්‍රම්ප් කැමැත්ත පෙන්වූ බව සෙලෙන්ස්කි පැවසීය. ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පැවසුවේ සිකුරාදා සාකච්ඡා ඵල රහිත බව ඔප්පු වුවහොත් ට්‍රම්ප් සහ යුරෝපය රුසියාවට දැඩි පීඩනයක් යෙදීමට බලාපොරොත්තුව සිටින බවයි.
කෙසේ වෙතත්, රුසියාව යුරෝපයේ ඉල්ලීම්වලට දැඩි ලෙස විරුද්ධ වීමට ඉඩ තිබේ.
“ඇලස්කාවේ පැවති මෙම රැස්වීමේදී එක්සත් ජනපදයට සටන් විරාමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප් ඉතා පැහැදිලිව පැවසුවා,” මැක්‍රොන් පැවසීය. “ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන ලද පරිදි, ඉතා පැහැදිලිව තිබූ දෙවැනි කරුණ නම්, යුක්රේනයට අයත් භූමි ප්‍රදේශ ගැන සාකච්ඡා කළ නොහැකි බවත්, ඒ ගැන යුක්රේන ජනාධිපතිවරයා විසින් පමණක් සාකච්ඡා කරනු ලබන බවත්ය. “අතථ්‍ය රැස්වීම පැවැත්වූ මර්ස් පැවසුවේ, දේශසීමා බලහත්කාරයෙන් වෙනස් කළ නොහැකි බවට වූ මූලධර්මය දිගටම ක්‍රියාත්මක විය යුතු බවයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇතිවූ විශාලතම ගැටුම වන වසර තුනහමාරක් පැරණි ගැටුම අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ට්‍රම්ප් සහ පුටින් සාකච්ඡා කිරීමට නියමිතය. දස දහස් ගණනකගේ ජීවිත අහිමි කර මිලියන ගණනක් අවතැන් කළ සටන් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වයටම ඉඩම් හුවමාරු කරගැනීමට සිදුවන බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.