2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

10 හැවිරිදි චෙස් මාස්ටර්

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

වයඹදිග ලන්ඩනයේ පදිංචි 10 හැවිරිදි දැරියක් කාන්තා ජාත්‍යන්තර චෙස් මාස්ටර් ශූරතාව දිනාගත් ලාබාලතම පුද්ගලයා බවට පත්ව සිටී. හැරෝහි බෝධනා සිවානන්දන්, මේ මස මුලදී පැවති 2025 බ්‍රිතාන්‍ය චෙස් ශූරතාවලියේදී චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර්වරයකු පරාජය කළ ලාබාලතම කාන්තා ක්‍රීඩිකාව බවට පත්විය. ලිවර්පූල් හි පැවති 2025 බ්‍රිතාන්‍ය චෙස් ශූරතාවලියේ අවසන් වටයේදී බෝධානා 60 හැවිරිදි ග්‍රෑන්ඩ්මාස්ටර් පීටර් වෙල්ස්ට එරෙහිව මෙම ජයග්‍රහණය ලබාගත්තේය.

2024 දී බෝධනා හංගේරියාවේ චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී එංගලන්ත කාන්තා කණ්ඩායමට තේරීපත් වූ විට, ඕනෑම ක්‍රීඩාවකින් ජාත්‍යන්තරව එංගලන්තය නියෝජනය කළ ලාබාලතම පුද්ගලයා බවට පත්විය. 

ග්‍රෑන්ඩ්මාස්ටර් යනු චෙස් ක්‍රීඩකයකුට ලබාගත හැකි ඉහළම පදවිය වන අතර, එම තනතුර ජීවිත කාලය පුරාම හිමිවේ. බෝධානාගේ නව පදවිය, “කාන්තා ජාත්‍යන්තර මාස්ටර්” යනු කාන්තාවන්ට පමණක් ලබාදෙන දෙවැනි ඉහළම ශ්‍රේණිගත කිරීමේ පදවිය වන අතර, එය කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර්ට පමණක් දෙවැනි වේ. බෝධාන මුලින්ම චෙස් ක්‍රීඩාවට පිවිස ඇත්තේ කොවිඩ්-19 වසංගතය අතරතුරය.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00