පර්යේෂකයන් පිරිසක් විසින් ඉතියෝපියාවේදී වසර මිලියන 2.65කට පමණ පෙර ජීවත් වූ මානව පරිණාමීය පරම්පරාවේ කලින් නොදන්නා විශේෂයකට අයත් දන්ත පොසිල කිහිපයක් සොයාගෙන ඇත. එය අයත් මානවයන් අපේම විශේෂය අයත් වන හෝමෝ ගණයේ පැරණිතම සාමාජිකයා ජීවත් වූ කාලය හා ස්ථානයේම ජීවත් වූ බව කියයි.
ඊසානදිග ඉතියෝපියාවේ අෆාර් කලාපයේ ලෙඩි-ගෙරාරු පර්යේෂණ ව්‍යාපෘති ප්‍රදේශයෙන් විද්‍යාඥයෝ විසින් පුද්ගලයන් දෙදෙනකුට අයත් බව පෙනෙන දත් 10ක් සොයාගන්නට යෙදුණහ. මේ දත් ඔවුන් නිගමනය කළේ නව ඔස්ට්‍රලෝපිතිකස් විශේෂයකට අයත් බවයි. මේ දක්වා, වානර හා මානව ලක්ෂණ මිශ්‍රණයක් පෙන්නුම් කළ වැදගත් මුල් මානව මුතුන්මිත්තකු වූ ඔස්ට්‍රලෝපිතිකස් කුලයට අයත් විශේෂ හයක්, විවිධ අප්‍රිකානු ස්ථානවල පොසිලවලින් දැන හඳුනාගෙන තිබුණි. පර්යේෂකයන් පැවසුවේ අලුතින් සොයාගත් දත් හත්වැනි විශේෂයකට අයත් බව පෙන්නුම් කරන ලක්ෂණ ඇති බවයි.