2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක සැලැස්ම වේගවත් වෙයි!

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

2030 වන විට සඳ මත කිලෝවොට් 100ක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තැනීමට අවශ්‍ය කටයුතු සූදානම් බව නාසා ආයතනය ප්‍රකාශ කළේය. මෙම මස මුලදී නාසා කාර්ය මණ්ඩලයට එක්සත් ජනපද රජය විසින් නිකුත් කරන ලද ලිඛිත හෝ වාචික උපදෙස් අනුව, එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් සහ අභ්‍යවකාශ ඒජන්සියේ නව අන්තර්කාලීන පරිපාලක ෂෝන් ඩෆි පැවසුවේ වසර පහක් තුළ කිලෝවොට් 100ක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ආරම්භ කිරීමට සූදානම් විය යුතු බවය.

චීනය සහ රුසියාවට පෙර අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් මේ තාක්ෂණය ඇරැඹීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය. සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක්, මිනිසුන්ට චන්ද්‍ර පෘෂ්ඨයේ ජීවත් වීමට ස්ථිර කඳවුරක් ගොඩනැගීමේ ප්‍රධාන පියවරක් ලෙස සලකනු ඇත.

චන්ද්‍ර මතුපිට ප්‍රතික්‍රියාකාරකයක් ලබා තැනීමේ සැලසුම් අලු‍ත් දෙයක් නොවේ. අවම වශයෙන් කිලෝවොට් 40ක බලයක් ජනනය කළ හැකි පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අභ්‍යවකාශ ඒජන්සිය විඛණ්ඩන මතුපිට බල ව්‍යාපෘතියක් සඳහා කටයුතු කරමින් සිටින බව නාසා වෙබ් අඩවියේ සඳහන් වේ. නමුත් එය දැන් යෝජනා කර ඇති ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුය.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00