වයස අවුරුදු 16 ට පහළ දරුවන් හට YouTube භාවිත කිරීම සීමා කිරීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට YouTube ගිණුම් පවත්වාගෙන යාමට නොහැකි වන බව අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි පවසයි.
සමාජ මාධ්‍ය දරුවන්ට අහිතකර ලෙස බලපෑම් එල්ල කිරීම හේතුවෙන් දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කිරීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ තීරණය කළේය. එහිදී YouTube ඇතුළත්ව නොතිබුණත්, YouTube ඇතුළත් කරන බව නිවේදනය කර තිබේ. මීට සතියකට පෙර එක්සත් ජනපදය ද මෙවන් සීමාවක් පැනවීය. ඒ අනුව වයසට ගැලපෙන අන්තර්ගතයන් පෙන්වීම සඳහා එක්සත් ජනපදයේ පරිශීලකයන්ගේ වයස ඇස්තමේන්තු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා බව YouTube අඟහරුවාදා නිවේදනය කළේය.