පුද්ගලයන් 50 දෙනකු පමණ රැගත් ඇන්ටනොව්-24 මගී ගුවන් යානයක් රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශයේදී අතුරුදන්ව ඇත. මේ යානය සමඟ බ්‍රහස්පතින්දා ගුවන් ගමනාගමන පාලක නිලධාරීන්ට සම්බන්ධතා අහිමි වූ අතර, සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කලාපීය ආණ්ඩුකාරවරයා පැවසීය.
සයිබීරියාව පදනම් කරගත් අන්ගාරා නම් ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන මෙම ගුවන් යානය චීනයට මායිම්ව පිහිටි අමූර් කලාපයේ නගරයක් වන ටින්ඩා වෙත ළඟා වෙමින් සිටියදී රේඩාර් තිරවලින් ඉවත් වූ බව ප්‍රාදේශීය හදිසි අමාත්‍යාංශය පැවසීය. ප්‍රාදේශීය ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් පැවසුවේ මූලික දත්තවලට අනුව, ළමයින් පස් දෙනකු ඇතුළුව මගීන් 43 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනකු යානයේ සිටි බවයි.