“මෙය එක් මිනිසකුට කුඩා පියවරක් වුවත්, එය මානව සංහතියේ යෝධ පියවරක්,” එසේ කී නීල් ආම්ස්ට්‍රෝං වර්ෂ 1969 ක් වූ ජූලි මස 21 සඳ මත පා තබා දැන් වසර 56 ක් ගෙවී ගොස් හමාරය. ඒ නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පළමු පිය සටහන තැබූ අප කවුරුත් දන්නා ඇපලෝ 11 යානයේ ඉතිහාසගත සඳ ගමනයි. එදා නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන තිදෙනා මිනිස් ඉතිහාසයේ චන්ද්‍ර චාරිකා යුගයට මුල පිරූහ.
මේ ඉතිහාසගත පළමු මිනිසා සඳ මතට ගොඩබැසීම සිදු කළ ඇපලෝ 11 ගමන සහ ඉන්පසු ගිය ගමන් වාර 5 තුළදී මේ දක්වා නීල් ආම්ස්ට්‍රෝං ප්‍රමුඛව මිනිසුන් 12 දෙනකු සඳ මත සිය පා සටහන් තබා තිබේ.
දැන් අඩසියවසක් ගත වූ තැන නැවත සඳ මත පා තැබීමට ‘නාසා’ ආයතනය සැලසුම් කර තිබේ. ඒ නාසා හි ආටෙමිස් වැඩසටහන මගිනි. එය මිනිසුන් නැවත සඳට ගෙන ඒම අරමුණු කරයි. ඇපලෝ 17 න් පසු සිදුවන ඉතිහාසගත පළමු කාර්ය මණ්ඩල චන්ද්‍ර ගොඩබෑම ලෙස ආටෙමිස් III සැලසුම් කර ඇත. 2027 මැද භාගයට පෙර පිටත්ව යාමට අපේක්ෂා කරන මෙම මෙහෙයුමේදී, සඳ මතට යන ලොව පළමු කාන්තාව සහ මුල්ම කළු ජාතිකයා ගොඩබසිනු ඇත. ආටෙමිස් වැඩසටහනට ගේට්වේ නම් චන්ද්‍ර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සහ සඳෙහි දකුණු ධ්‍රැවය ගවේෂණය කිරීම බඳු අනාගත මෙහෙයුම්ද ඇතුළත් වේ.