ඉකුත් බදාදා ඊශ්‍රායලය සිරියාවේ මධ්‍යම දමස්කස් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, ආරක්ෂක අමාත්‍යාංශ මධ්‍යස්ථානයකට සහ ජනාධිපති මන්දිරය අසල ප්‍රදේශවලට පහර දුන්නේය. රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි, බදාදා ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනකු මිය ගොස් 34 දෙනකු තුවාල ලැබූ බව සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෙසේ වුවද මෙම ගැටුම් අතරතුර සුවයිඩා පළාතේ පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂකයන් වාර්තා කර තිබුණි.
සිරියානු ගෝලාන් කඳුකරය අත්පත් කරගෙන සිටින ඊශ්‍රායලය, තම මෙහෙයුම්වල අරමුණ වන්නේ ඩෲස් සුළුතරය ආරක්ෂා කිරීම සහ තමන්ට පහර දෙන බව කියන එරට රජයට පක්ෂපාතී හමුදා ඉලක්ක කිරීම බව කියා ඇත. සිරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දමස්කස් සහ සුවයිඩා වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හෙළා දුටුවේ “සිරියාව තුළ ආතතිය හා අවුල් සහගත තත්ත්වය අවුලුවාලීමට සහ ආරක්ෂාව අඩපණ කිරීමට යෙදූ ක්‍රමානුකූල ඊශ්‍රායල ප්‍රතිපත්තියක කොටසක්” ලෙසයි. ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව “හදිසි පියවරක්” ගන්නා ලෙස එරට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. සිරියානු රජයේ හමුදා සහ දේශීය ඩෲස් සටන්කරුවන් අතර සුවයිඩා හි මාරාන්තික ගැටුම්වලින් පසුව මේ ගුවන් ප්‍රහාර එල්ල විය.