2025 ජුලි 19 වන සෙනසුරාදා

විරෝධතා අරගල මැද ටෝගෝ මැතිවරණය

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටෝගෝ හි පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේ වත්මන් නායක ෆවුරේ ඤාසිංබේ හට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සති ගණනාවක් තිස්සේ පැවති කෝපාවිෂ්ඨ විරෝධතාවලින් පසුවය. මින් රටේ නගර සභා 117 සඳහා නායකයන් තෝරා පත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

1967 සිට ඤාසිංබේ පවුල මෙම කුඩා බටහිර අප්‍රිකානු රට වරින් වර සාමූහිකව පාලනය කර ඇති අතර, බොහෝ ටෝගෝ ජාතිකයන්ට දැන් වෙනසක් අවශ්‍යව තිබේ. මතභේදාත්මක ව්‍යවස්ථාමය වෙනසක් සිදු කිරීමෙන් පසු ජූනි මාසයේදී රටේ තරුණ ජනගහනයේ නායකත්වයෙන් යුත් ආණ්ඩු විරෝධී විරෝධතා ඇති විය. එහිදී ටෝගෝ ආරක්ෂක හමුදාවලට විරෝධතා එල්ල වී තිබේ. අවම වශයෙන් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් තිබේ. කුඩා රාජ්‍යයක් වුවද, අත්ලාන්තික් සාගරයේ මායිමේ පිහිටා ඇති මුහුදුබඩ අගනුවර වන ලෝම් හි වැදගත් වරායක් හේතුවෙන් ටෝගෝ මේ කලාපය තුළ සංවර්ධනය වෙමින් පවතින සමුද්‍රීය හා ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රධානත්වය උසුලයි. මෙය රට අභ්‍යන්තර සහෙල් ජාතීන්ට පිවිසුම් දොරටුවක් ලෙස සේවය කරන අතර ප්‍රධාන බටහිර අප්‍රිකානු ගුවන් සමාගමකටද නිවහන වේ. එනම් එහි ඇතිවිය හැකි නොසන්සුන්තාව කලාපය පුරා දෝංකාර දිය හැකිය.