2025 ජුලි 19 වන සෙනසුරාදා

සංගීත වේදිකාව අළු කළ ගින්න!

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

යුරෝපයේ විශාලතම සංගීත උළෙලක් වන බෙල්ජියමේ ටුමෝරෝලන්ඩ් හි ප්‍රධාන වේදිකාව විනාශකාරී ගින්නකින් අළු වී ගොස් තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි මෙහෙයුමක් දියත් කර තිබුණි.

බෙල්ජියමේ ඇන්ට්වර්ප් සහ බ්‍රසල්ස් අතර පිහිටා ඇති බූම් නගරයෙහි සැකසුණු උත්සව භූමියේ ප්‍රධාන වේදිකාව ගින්නෙන් විනාශ වූ අතර, ආරම්භක සති අන්තය සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි. මේ වන විට උත්සව භූමියේ කිසිවකු නොමැති නමුත් ගින්න ඇතිවන අවස්ථාවේ සේවකයන් 1,000 ක් පමණ එහි සිටි බවට ගණන් බලා ඇත. ප්‍රධාන නර්තන උළෙල බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතව තිබූ අතර, ප්‍රධාන වේදිකාව සිකුරාදා පළමු වරට භාවිත කිරීමට නියමිතව තිබුණි. ඒ නිසා දැඩි ලෙස හානි වූ වේදිකාව අලු‍ත්වැඩියා කිරීමට සංවිධායකයන්ට ඉතා සුළු කාලයක් ඉතිරි විය.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00