2025 ජුලි 12 වන සෙනසුරාදා

රටවල් 08 කට ට්‍රම්ප්ගේ නව බදු!

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

නව තීරුබදු ප්‍රතිශත නිවේදනය කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් 08 කට ලිපි යොමුකර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළුව බ්‍රසීලය, පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා, ඇල්ජීරියාව, ලිබියාව සහ ඉරාකය යන රටවල් 8 සඳහා මෙලෙස ලිපි නිකුත් කර තිබේ.

ඒ අනුව ඇල්ජීරියාව, ශ්‍රී ලංකාව සහ ඉරාකය සඳහා සියයට 30 ක ආනයන බදු ද පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා රටවල් සඳහා අමෙරිකාව අය කරන තීරු බදු ප්‍රතිශතය 25% ක්ද, බ්‍රසීලයට ඉහළම තීරුබදු අනුපාතයක්, එනම් සියයට 50 ක්ද පනවනු ලැබුණි.

ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා ඇත. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44% කි. මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2025 අප්‍රේල් 02 වැනි දින ට්‍රම්ප් වොෂින්ටනයේ ධවල මන්දිරයේදී සියයට 10 ක මූලික බද්දක් රටවල් ගණනාවකට පැනවීය. එය ක්‍රියාත්මක කිරීම ඇරැඹීම සඳහා ඔහු දින 90 ක සාකච්ඡා කාලයක් ලබා දී තිබුණි. ජූලි 09 දින එය අවසන් වීමට නියමිතව තිබූ අතර අමෙරිකා බලධාරීන් එය අගෝස්තු 01 දක්වා දීර්ඝ කළ බව කීය. ඒ කාලය තුළ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වන රටවල් අගෝස්තු 1 වැනිදා සිට ඉහළ තීරුබදුවලට මුහුණ දෙන්නට සිදුවන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් කියා තිබුණි. ඒ අනුව, නව අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු පැනවීම සම්බන්ධයෙන් අමෙරිකාව මේ වන විට ලිපි යවා ඇති රටවල් සංඛ්‍යාව 20 කි.

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00