පසුගිය වසරේ බංග්ලාදේශයේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීමට එවකට අගමැතිනි ෂෙයික් හසීනා විසින් අවසර දී ඇති බව බීබීසීය විසින් තහවුරු කරන ඇගේ දුරකථන ඇමතුමක හඬ පටයක් එළිදැක තිබේ.
මාර්තු මාසයේදී අන්තර්ජාලයට කාන්දු වූ බව කියන ඒ හඬ පටයේ, විරෝධතාකරුවන්ට එරෙහිව “මාරාන්තික අවි භාවිත කිරීමට” තම ආරක්ෂක හමුදාවලට හසීනා අවසර දුන් බව කියැවේ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක නඩු විභාගයකට භාජනය වන හසීනාට එරෙහිව තීරණාත්මක සාක්ෂියක් ලෙස මෙම පටිගත කිරීම භාවිත කිරීමට බංග්ලාදේශයේ නඩු පවරන්නෝ සැලසුම් කරති.
එක්සත් ජාතීන්ගේ විමර්ශකයන්ට අනුව, පසුගිය ගිම්හානයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පුද්ගලයන් 1,400 ක් පමණ මිය ගියහ. ඉන්දියාවට පලා ගිය හසීනා සහ ඇගේ පක්ෂය ඇයට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි හසීනා, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කමල් සහ හිටපු පොලිස්පති චෞද්රි අබ්දුල්ලා අල්-මමුන් යන අය කැරැල්ල අතරතුර සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති.