2025 ජුලි 12 වන සෙනසුරාදා

ජෙට් එන්ජිමක් මිනිසකු ගිලියි!

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

ජෙට් එන්ජිමක සිරවී පුද්ගලයකු මිය යාම හේතුවෙන් මිලාන් හිබර්ගමෝ ගුවන් තොටුපොළ පැය 2 කට ආසන්න කාලයක් වසා දමන්නට සිදුව ඇත.

දැනට ඇති තතු අනුව වින්දිතයා සියදිවි නසා ගැනීමේ අරමුණින් ධාවන පථයට ඇතුළු වී ඇති බව විශ්වාස කෙරේ. මගියකු හෝ ගුවන් තොටුපොළ සේවකයකු නොවූ මෙම පුද්ගලයා ආරක්ෂක කාර්ය මණ්ඩලයෙන් බේරී ගුවන් යානය ඒ වන විටත් ධාවනය වෙමින් තිබියදී එය දෙසට දිව ගොස් ඇත. මේ තැනැත්තා ජෙට් එන්ජිමට පැන්නාද? එන්ජිම මගින් ඇදගනු ලැබුවාද? යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙයි.

උතුරු ස්පාඤ්ඤයේ බර්ගමෝ සිට ඇස්ටූරියස් දක්වා පියාසර කිරීම සඳහා යොදවා ඇති අනතුරට ලක්වූ ගුවන් යානය අඩු වියදම් ගුවන් සේවයක් වන වොලොටියා විසින් ක්‍රියාත්මක කරන ලද එයාර් බස් A319 යානයකි. ගුවන් යානය ගොඩබෑම අවසන් කර පර්යන්තයෙන් ඉවතට ගමන් කරමින් සිටියදී මෙය සිදුවී ඇති බව වාර්තා වේ.