2025 ජුලි 05 වන සෙනසුරාදා

මූල්‍ය උපදේශක ChatGPT ජීවිතය ගොඩ දමයි!

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

ඇමෙරිකානු කාන්තාවක් තම ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවීම සඳහා ChatGPT ඇගේ මූල්‍ය උපදේශක ලෙස භාවිත කර ඇති බව වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් හි ජීවත් වන දේපළ වෙළෙඳාම්කරුවකු සහ අන්තර්ගත නිර්මාණකරුවකු වන 35 හැවිරිදි ජෙනිෆර් ඇලන්, ඇගේ ඩොලර් 23,000 ක ණය ගෙවීම සඳහා උපකාර ඉල්ලා AI චැට්බොට් වෙත යොමුවිය.

මාසයක් තිස්සේ, ChatGPT ඇලන්ට වියදම් කපා හැරීමට සහ ඇගේ ආදායම වැඩි කිරීමට දිනපතා උපදෙස් සහ කාර්යය එල්ලයන් ලබා දුන්නේය. සෑම දිනකම, AI බොට් එක ඇලන්ට තනි මුදල් ඉතිරිකිරීමේ හෝ උපයන කාර්යයක් ලබා දුන්නේය. මේ අභියෝගය අතරතුර විශාලතම තල්ලු‍වක් ලැබුණේ හිමිකම් නොලබන හෝ අමතක වූ අරමුදල්වලින් ඩොලර් 10,000 කට වඩා සොයා ගැනීමය. ජූනි මාසයේදී, ඇලන් ඇගේ Tik Tok ගිණුමට ක්ලිප් එකක් මුදාහැරි අතර, ඇය ඇගේ අභියෝගයේ 30 වැනි දිනට ළඟා වූ බව හෙළි කළාය. එයට අනුව ඇය පසුගිය මාසය තුළ ඩොලර් 12,078.93 ක් (ආසන්න වශයෙන් රු. ලක්ෂ 10.08 ක්) ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවා තිබුණි.

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00