2025 ජුලි 05 වන සෙනසුරාදා

දලයි ලාමාට 90 යි: පුනරුත්පත්තිය සහතික කරයි!

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමා ඔහුගේ අනුගාමිකයන් ඉතා උනන්දුවෙන් බලා සිටි වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඔහුගේ අනාගත පුනරුත්පත්තිය පිළිගැනීමට ඔහුගේ ගැඩන් ෆොඩ්‍රැන්ග් භාරයට පමණක් බලය ඇති බවය. “මේ කාරණයට මැදිහත් වීමට චීනයට හෝ වෙනත් කිසිවකුට හෝ බලයක් නොමැත,” යනුවෙන් ඔහු පැවසීය.

පිටුවහල් කර සිටින, තමන් මිය යන විට වසර 600 ක් පැරණි ටිබෙට් බෞද්ධ සම්ප්‍රදාය සහ ලාමා ආයතනය අවසන් වේද යන්න පිළිබඳ ශ්‍රද්ධාවතුන් අතර පැවැති අනියත බවට තිත තබමින්, තමාට අනුප්‍රාප්තිකයකු සිටින බව දැන් දලයිලාමා තහවුරු කර තිබේ.

ටිබෙට් සම්ප්‍රදායට අනුව, දලයි ලාමාවරුන් මියගිය පසු නැවත “පුනරුත්පත්තිය”‍ ලබයි. 1950 ගණන්වල චීනය ටිබෙටය ඈඳා ගැනීමෙන් පසු වත්මන් දලයි ලාමා පිටුවහල් කිරීම නිසා ඔහුගේ අනුප්‍රාප්තිකයා කවරෙක්ද? ඔහු උපදින්නේ කොහේද? යන්න ඉතා විවාදාත්මක කාරණයක් බවට පත්ව තිබුණි. ඒ චීනය ඊළඟ දලයි ලාමා පත් කිරීම සියතට ගෙන සිටි නිසාය.

දලයි ලාමාගේ මෙම ප්‍රකාශය ද චීනය ප්‍රතික්ෂේප කළේ, ඔහුගේ අනුප්‍රාප්තිකයා චීනය තුළ සිටින බවත් ඔහුගේ පත්වීම චීන රජය විසින් අනුමත කළ යුතු බවත් පවසමිනි.

දලයි ලාමා ජීවත් වන ඉන්දියාවේ ධර්මශාලා නගරයේ දී, බොහෝ කාලයක් බලා සිටි මේ නිවේදනය ඇසීමට සිය ගණනක් අනුගාමිකයෝ රැස්ව සිටියහ. වීඩියෝ පණිවිඩය විකාශනය කරන ලද දලයි ලාමා පුස්තකාල සහ ලේඛනාගාර මධ්‍යස්ථානය, ලොව පුරා විවිධ රටවලින් පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා සහභාගි වූ කහ පැහැති මුහුදක් මෙන් දිස් විය.

“දලයි ලාමාගේ ආයතනය දිගටම පවතිනු ඇතැයි මම සහතික කරමි,” දලයි ලාමාගේ ප්‍රකාශයේ සඳහන් විය. “ශුද්ධ වූ දලයි ලාමාගේ කාර්යාලය වන ගාඩන් ෆොඩ්‍රැන්ග් භාරය... ඒ අනුව අතීත සම්ප්‍රදායට අනුකූලව සෙවීමේ සහ පිළිගැනීමේ ක්‍රියා පටිපාටි සිදු කළ යුතු” බව ඔහු නැවත අවධාරණය කළේය.

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00