2025 ජුනි 28 වන සෙනසුරාදා

අමෙරිකාවේ 2020 ජනපතිවරණයට චීන බලපෑම් තිබුණාලු!

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වූ 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේදී චීනයේ මැදිහත්වීම් සිදුවූ බවට චෝදනා එල්ල වන වාර්තාවක් එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී කාෂ් පටේල් විසින් සෙනෙට් අධිකරණ කමිටුවේ සභාපති සෙනෙට් සභික චක් ග්‍රස්ලි වෙත භාර දී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වීම සම්බන්ධව චෝදනා රැසක් ඇති බවත්, ඒ සඳහා චීනයේ කොමියුනිස්ට් පක්ෂයෙන් බලපෑම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බවත් X හි සටහනක් තබමින් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.
චීනය එක්සත් ජනපද මැතිවරණය කඩාකප්පල් කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කරන බව කියන වාර්තාවක් එකල මයික්‍රොසොෆ්ට් විසින් ද නිකුත් කර තිබුණි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සෙනෙට් අධිකරණ කමිටුව මගින් සිදු කිරීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2020 මැතිවරණය දූෂිත බවට එයින් පරාජයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විරෝධතාවක නිරත විය.