ලොව සිව් වැනි විශාලතම ආර්ථිකය බවට දැන් ඉන්දියාව පත්ව තිබේ. ඒ ජපානය අභිබවා යමිනි. ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය හෙවත් නිති ආයෝග් හි ප්‍රධාන විධායක නිලධාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් මේ බව ප්‍රකාශ කළේ, එහි 10 වැනි පාලක මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවූ ආර්ථිකයකට හිමිකම් කියන අතර, මේ වන විට ජපාන ආර්ථිකයට වඩා විශාල වී ඇත. ඉන්දියාවට වඩා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන්නේ ඇමෙරිකාව, චීනය සහ ජර්මනිය පමණක් බවද වාර්තා වේ. වර්තමාන සැලසුම් මත අඛණ්ඩව කටයුතු කළහොත්, ඉදිරි වසර දෙකහමාර හෝ තුන ඇතුළත ලොව විශාලතම ආර්ථිකයන් අතර තුන්වැනි ස්ථානයට පත්වීමට ඉන්දියාවට හැකිවනු ඇති බව විද්වත් මතයයි.