චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි විරුද්ධවාදීන්ගේ ගුවන් තර්ජනවලින් එක්සත් ජනපදය ආරක්ෂා කිරීමට සමස්ත දේශය ආවරණය කරන බහු-වසම් පලිහක් වන ගෝල්ඩන් ඩෝම් නමැති මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා වන සැලසුම් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා එළි දැක්වීය. එය ඩොලර් බිලියන 175 ක ව්‍යාපෘතියකි.
ධවල මන්දිරයේ සිට කතා කරමින් ට්‍රම්ප්, මිසයිල, ඩ්‍රෝන යානා ඇතුළත්ව අහස, ගොඩබිම, මුහුද සහ අභ්‍යවකාශය සිට පවා දියත් කළ හැකි ආයුධ සඳහා බාධා කිරීම පදනම් කරගත් තාක්ෂණය ඒකාබද්ධ කරමින් සැකසුණු ජාතික ආරක්ෂාවේ “පරිවර්තනීය පිම්මක්” ලෙස මෙම පද්ධතිය විස්තර කළේය. ගෝල්ඩන් ඩෝම් යනු භූමි හා අභ්‍යවකාශ පාදක අන්තර්ග්‍රහක, පූර්ව අනතුරු ඇඟවීමේ චන්ද්‍රිකා සහAI මගින් බලගැන්වෙන ලුහුබැඳීමේ පද්ධති ඒකාබද්ධ කරන පුළුල් මිසයිල ආරක්ෂක පද්ධතියකි. වසර තුනක් ඇතුළත නිම කරන බවට ට්‍රම්ප් පැවසූ මෙම ව්‍යාපෘතිය, එක්සත් ජනපදය මගින් මුල් වරට අභ්‍යවකාශයට පවා ආයුධ යෙදවූ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරනු ඇත.
ජනාධිපතිවරයාට අනුව, මෙවන් සතුරු ආයුධ දියත් කිරීමේ සිට ගමන් මග සහ පර්යන්ත ප්‍රහාරක අදියර දක්වා බහු අදියරවලදී තර්ජන හඳුනා ගැනීමට, ලුහුබැඳීමට සහ විනාශ කිරීමට ගෝල්ඩන් ඩෝම් උසස් සංවේදක සහ අන්තර්ග්‍රහන මෙවලම් භාවිත කරනු ඇත.